අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් හතෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 325 දෙනා ඇතුළුව කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් 1418 දෙනකු වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය
එම රෝගීන් අතර ගැබිණි ගැබිනි මාතාවන් 24 ක්,හා වෙනත් රෝගාබාධ තිබෙන පුද්ගලයන් 17 දෙනකු සිටින බවත් වෛද්‍ය අධ්‍යක්ෂක වරයා කීය
(1) දිනය තුළ පැය හයක් පමණ කාලයකදී අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් වල පදිංචි පුද්ගලයන් 430ක් සඳහා සිදුකළ රැපික් ඇන්ටිජන් පරික්ෂාවේදී පුද්ගලයන් 96 දෙනෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට හෙළි වූ බව වෛද්‍ය අධ්‍යක්ෂක වරයා කීය
අගලවත්ත 27 ,,මතුගම 69 , වාද්දුව 82 ,පානදුර 101, ඉංගිරිය 137 , හොරණ 160, බණ්ඩාරගම 410 ,බුලත්සිංහල 68 ,වලල්ලාවිට 27, පාලින්දනුවර 15,දොඩම්ගොඩ 8,මිල්ලනිය 82 මදුරාවල 64 ,කළුතර 77 ,හා බේරුවල 91 වශයෙන් ආසාදිතයන් වාර්තා වී ඇත .
කළුතර දිස්ත්‍රික්කයේ පිඹුර ඉත්තෑපාන , බණ්ඩාරගම , මතුගම හා ඉංගිරිය රෝහල්වල කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 140 දෙනකු ප්‍රතිකාර ලබන බව වෛද්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය