කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 752 දෙනෙකු අද 11 දින ට වාර්තා වී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
එම රෝගීන් පිරිස අතර ගැබිණි මව්වරුන් 11,හා විවිධ රෝගාබාධ තිබෙන පුද්ගලයන් 8 දෙනෙක් වන බව වෛද්‍ය රත්නායක මහතා කිය.
එයින් වැඩිම රෝගීන් පිරිස වන 116 දෙනකු වාර්තා වී ඇත්තේ හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් බව අධ්‍යක්ෂකවරයා කීය .
අගලවත්ත රෝගීන් 22, බණ්ඩාරගම රෝගීන් 64 , බුලත්සිංහල රෝගීන් 40 ,දොඩංගොඩ රෝගීන් 4, බේරුවල රෝගීන් 69 , ඉංගිරිය රෝගීන් 84 , කළුතර රෝගීන් 53 ,මදුරාවල රෝගීන් 40 , මතුගම රෝගීන් 67 , මිල්ලනිය රෝගීන් 37, පාලින්දනුවර රෝගීන් 11, පානදුර රෝගීන් 63 , වාද්දුව රෝගීන් 60 හා වලල්ලාවිට රෝගීන් 22 වශයෙන් වාර්තා වී ඇතැයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය