කළුතර අධිකරණ සංකීර්ණය භූමිය තුළදී පොලිස් නිලධාරීන් සමඟ කලහකාරී ලෙස හැසුරුණු පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමේ දීපොලිස් ස්ථානයේ තැන්පත් කර තිබූ බුදු පිළිමයකට සැකකරුවකු විසින් පා පහරක් එල්ල කිරීමෙන් බුදුපිළිමයට සහ ආසනයට අලාභානි සිදු වී ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් අධිකරණ භූමියේ සිටි කම්කරු අධිකරණ විනිසුරු වරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත
අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන්ගෙන් එක් පුද්ගලයකු මුඛ ආවරණ නිසි අයුරින් නො පැලඳ කළුතර අධිකරණ සංකීර්ණය භූමියේ රැඳී සිටීම සම්බන්ධයෙන් එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් අවවාද කිරීමේදී එම පුද්ගලයා පොලිස් නිලධාරීන් සමග කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමේ දී ඔහු සමග පැමිණ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් කලහාකාරි ලෙස හැසිරී ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය .
එම සිද්ධියත් සමඟම අධිකරණ භූමියේ රැඳී සිටිය අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ සහාය සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන කළුතර දකුණ පොලිස් ස්ථානය එදා ඉදිරිපත් කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
අත්අඩංගුවට ගත් සැකකරුවන් පයාගල හෙට්ටිවීදිය පදිංචිකරුවන් ය
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
කළුතර දකුණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
බිමල් ශ්‍යාමන් ජයසිංහ