වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතුකරයේ තරුණයන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ඊයේ දින සිට ආරම්භ කර ඇති සත්යග්රහයට වතුකරයේ ජනතාවගේ සහයෝගය ලැබි ඇත.
හැටන් වටවල පොලිස් වසමට අයත් මවුන්ජින් වතුයායේ වතු කම්කරුවන් ඉකුත් 4 වෙනිදා සිට තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අඛණ්ඩව තවදුරටත් සිදු කරමින් කොළඹ කොටුවේ සත්යග්රහයක නියැලි සිටින තරුණයන් පිරිසට ආශිර්වාද කරමින් එම වතුයායේ පිහිටි හින්දු කොවිලේදි ආශිර්වාද පුජාවක්ද පවත්වනු ලැබිය.
එම ආශිර්වාද පුජාවට සහභාගි වු වතු කම්කරුවන් කියා සිටියේ තම මුලික වැටුප රු 1000 දක්වා වැඩි කර දිමට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්රිවරුන් 225 දෙනා සහ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා මැදිහත් විය යුතු බවයි.