අකුරල කහව ප්රදේශයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කලේ යයි වැරදිකරුවන්වූ තිදෙනෙකුට මරණීය දන්ඩනය නියම කරන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි මාලනී අබේරත්න මහත්මිය අද (23දා) නියෝග කළාය .
මෙසේ මරණ දඩුවම් නියම කෙරුණේ අකුරල කහව පදිංච් රන්නොලු සුමිත් කුමාර ද සොයිසා,එම ලිපිනයේම පදිංචි දේමුනි සුරංග ද සොයිසා සහ දේමුනි රංග දේශාන් ද ද සොයිසා නමැති පුද්ගලයින් තිදෙනාටය.
මේ තිදෙනා අතින් ඝාතනයවී ඇත්තේ අකුරල කහව පදිංචි හදුන්නෙත්ති පියල් ද සිල්වා නමැත්තෙකි.
2000 පෙබරවාරි මස 01 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මේ සැකකරුවන් තිදෙනා සහා තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇතුලු පස් දෙනෙකු හදුන්නෙත්ති පියල් ද සිල්වා නමැත්තාට වෙඩි තබා ඝාතනය කොට ඇතැයි කියමින් අම්බලන්ගොඩ පොලීසිය විසින් මොවුන්ට විරුද්ධව නඩු පවරන ලදි.
වසර විස්සක දීර්ඝ නඩු විභාගයකින් පසුව මේ සැකකරුවන් පස් දෙනාගෙන් පළමු සැකකරුවූ රන්නොලු සුමිත් කුමාර ද සොයිසා,දෙවැනි සැකකරුවූ දේමුනි සුරංග ද සොයිසා,තෙවැනි සැකකරුවූ දේමුනි රංග දේශාන් ද සොයිසා යන තිදෙනා මේ ඝාතනයට වැරදිකරුවන් කරමින් ඔවුන් තිදෙනාටම මරණීය දණ්ඩනයත් හතර ,පහ සැකකරුවන් දෙදෙනා සාධාරන සැකයකින් තොරව මේ ඝාතනයට සම්බන්ධයයි ඔප්පුකර ගැනීමට ප්රමණනවත් තරම් සාක්ෂි නොමැති නිදොස්කොට නිදහස් කරන ලෙසත් මහාධිකරන විනිසුරුවරිය නියෝග කළාය.
සුසිල් ප්රියන්ත