කහතුඩුව සෞඛ්‍යය නිලධාරී බලප්‍රදේශයෙන් 27දින වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 21 දෙනකු වාර්තා වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පැවසීය .
ඒ අතරින් බහුතරයක් දෙනා පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳ වෙළඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීම සඳහා ගිය ව්‍යාපාරික බව පවසයි
එම පිරිස සිටි ඔෆ් ලඉ,හෙරලියාවල ,ජයවර්ධන වත්ත මූනමලේ, දියගම, සිද්ධමුල්ල ,අම්බලන්ගොඩ, කුඩමාදුව,දෙල් ගස් වත්ත ප්‍රසන්නපුර පදිංචිකරුවන්ගේ තවද රත්මලාන ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක විධායක නිලධාරිනියකට හා ඇයගේ සැමියාට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් සිද්ධමුල්ල කුඩමාදුව ප්‍රදේශයේ ඔවුන්ගේ නිවස ඇතුළු අනෙකුත් ආසාදිතයන්ගේ නිවෙස් වල පළමු පෙළ ආශ්‍රිතයන් ඔවුනොවුන් පදිංචි නිවාස බලමු නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති
ආසාදිත පිරිස වාර්තාවූයේ පසුගියදා පුද්ගලයන් 149 දෙනෙකු උදෙසා සිදුකළ පි සි ආර් පරීක්ෂණ වලින් අනතුරුව ය.
පි සි ආර් පරීක්ෂණ සිදුකිරීමෙන් පසු වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන් යම් ව්‍යාපාරයක යෙදී සිටී නම් එම ව්‍යාපාරික ස්ථාන මෙන්ම ඔවුන් ආගිය ස්ථාන පිළිබඳ සොයා බලා එම ස්ථාන තාවකාලිකව වසා දමා එහි රැඳී සිටින පුද්ගලයන් ද, ස්වයං නිරෝධායනය ට ලක් කිරීමට පියවර ගන්නා බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය