මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
කොරෝනා රෝගය වැළඳුණු ,රාගම පෞද්ගලික රෝහලක කළමණාකාර අධ්‍යක්ෂක වරයෙකුගේ, එක වසරේ අධ්‍යාපනය ලබන දරුවාට, උපකාරක පංතියක් පැවැත්වූ ,ගුරුවරිය ඇතුළු හැට පස් දෙනකුගේ සිදුකළ ,පී.සී.ආර් පරීක්ෂණ වලට අනුව, කිසිවකුට හෝ ,කොවිඩ් 19 ,වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇතැයි, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා ( 23)දා පැවසීය
රෝහල් කළමනාකාරවරයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරාධිත උපදේශකවරයෙකු හැටියට සේවය කරන අතරතුර දී කොරෝනා රෝගය වැළඳීමත් සමග ,සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයට අනුව ඔහුගේ පවුලේ ,බිරිඳ සහ දරුවන් දෙදෙනාටද කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබුණි.
ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා විමර්ශන සිදු කිරීමේදී .සය හැවිරිදි දරුවා ,පිලියන්දල සිද්දමුල්ල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වී ඇති බවට තහවුරු වී තිබීමත් සමග,එහි උපකාරක පන්ති ගුරුවරිය ඇතුළු 65 දෙනකු ,ඉකුත් දා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
මේ සඳහා කහතුඩුව හා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලීය බල ප්‍රදේශවල පිරිසක් සහභාගී වී තිබුණි .
ඒ අනුව ඊට අදාළ වාර්තාව 23 දා උදෑසන ලැබුණු අතර ඉන් කිසිවකුට හෝ කොවිඩ් 19 වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇති බවත් තවදුරටත් එම පිරිස දින දහහතරක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා වැඩිදුරටත් කීය.