කහතුඩුව හයිඩ්‍රාමනී ආයතනයේ සේවය කළ හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ තලගල පදිංචි තවත් සේවකයකුට කොරෝනා වැළඳී ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා පවසයි.
අදාළ සේවකයා ගෝනපොල තලගල මංගලාරාම විහාරස්ථානය අසළ පදිංචිකරුවෙකු වෙයි. මෙම ඇඟළුම් කර්මාන්තශාලාවේ මුලින්ම කොවිඩ් ආසාදනය වූ සාමාජිකයාගේ ආශ්‍රිතයෙක් ලෙස ඔහු හඳුනාගෙන ඇත.
අදාළ ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙක් සහ ඔහු ඇසුරු කළ පවුල් 04ක පුදග්ලයින් ස්වයං නිරෝධායනට ලක්කළ බවත් , ගෝනපල ප්‍රදේශයේ වෙළඳසැල් 03ක් වසා දැමූ බවත් ප්‍රදේශය භාර මහජන සෙෘඛ්‍ය පරීක්ෂක මල්ලව බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසිය.
මංගල ප්‍රසන්න