කහතුඩුව නගර මධ්‍යයේ උඩුමහලක පවත්වාගෙන යන කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුවකුට කොරොනා රෝගය වැලඳීම හේතුවෙන් එම වෙළඳසැලට මුද්‍රා තබා කොණ්ඩා කැපීමට පැමිණ එකසිය විසි පස් දෙනෙකුට අධික පිරිසක් ගෘහස්ථ නිරෝධායනයට ලක්කිරීමට අද පියවර ගත් බව කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.කේ.එම්, ප්‍රභාත් මහතා පැවසීය .
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගෙන කහතුඩුව ප්‍රදේශයේ මාළු ව්‍යාපාරයක් පවත්වාගෙන යන කොරෝනා ආසාදිත පුද්ගලයකු කොන්ඩේ කැපීමට මෙම ස්ථානයට පැමිණීම හේතුවෙන් එහි කරණවෑමියාට මෙසේ රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කීය.
එම මාළු ව්‍යාපාරිකයාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය ඉකුත් 23 වෙනිදා පැවැති අතර 21 දා කොන්ඩෙ කැපීමටත් 22 දා කොණ්ඩෙ ඩයි කිරීමටත් පැමිණි ඇතැයි පැවසේ .
ඒ අනුව ඉකුත් 26 දා මාළු ව්‍යාපාරිකයා ආසාදනය වීමෙන් පසුව ඔහු කොන්ඩෙ කැපීමට පැමිණි මෙම සැලූන් ආයතනයේ හිමිකරු ද 27 දා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එහි වාර්තාවට අනුව ඔහුට මෙසේ රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි.
ඒ අනුව කොණ්ඩා කපන ස්ථානයේ පවත්වාගෙන යන තොරතුරු ලේඛනය පරික්ෂා කිරීමේදී ඉකුත් 21 දා සිට පුද්ගලයින් 125 දෙනෙකු පමණ මෙම ස්ථානයෙන් කොණ්ඩා කැපීමට පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනාගේ දුරකථන අංක වලට අමතා ස්වයං නිරෝධානයට ලක් වන ලෙස උපදෙස් ලබාදීමට නියමිත බව පැවසේ .
එසේම 28 හැවිරිදි ආසාදිත කරණවෑමියා පදිංචි හොරණ ප්‍රදේශයේ නිවස ඇතුළු ස්ථාන හතරක් නිරෝධායනයට ලක් කරන ලෙසට හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කළ බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා කීය .