කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරොනා වෛරස රෝගීන් හමුවීම යම් තරමකට පාලනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්ම රාජ මහතා පැවසීය
මීට තෙදිනකට පෙර රෝගීන් 34 වාර්තා වුවද එම එම දින (2) සිට දින 5 දක්වා වාර්තා වූයේ එක් රෝගියෙක් පමණක් බවත් වෛද්‍ය වරයා කීය.
කොරෝනා වෛරසය ආසාධිත මාළු ව්‍යාපාරිකයා හා කොරෝනා වෛරසය ආසාධිත කරණවෑමියා සමග සමීපව කටයුතු කළ පුද්ගලයන් 200 පමණ පිරිසකට ඉකුත් 28 වැනිදා සහ ඉකුත් 2 දා සිදුකළ පි සි ආර් පරීක්ෂණවලදී ඔවුන් සියලු දෙනාම ආසාදිතයන් නොවන බවට වෛද්‍ය වාර්තා එමගින් තහවුරු වූ බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය