මේ වන විට ගැටලුවක් බවට පත්ව ඇති කසළ ප්රශ්නය විසඳන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. පුත්තලමේ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“අද රටට සංචාරකයින් පැමිණෙන්නේ නැහැ. ආයෝජකයෝ එන්නේ නැහැ. අපි ආරක්ෂව තහවුරු කරනවා වගේම ආර්ථිකය ගොඩ ගන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියනවා. සංකීර්ණ බදුක්‍රමය නිසා බදු ගෙවන්නත් බැහැ. විවිධ වර්ගයේ බදු අය කරනවා. අපි අනව්‍ය බදු ඉවත් කරලා වැට් බද්ද 8% දක්වා අඩු කරලා ව්‍යාපාරිකයින්ට වැඩියෙන් නිෂ්පාදනය කරන්න, ආයෝජනය වැඩි කරන්න ඉතිරි කිරීම් වැඩි කරන්න පුළුවන් සරල බදු ක්‍රමයක් ඇති කරනවා.
නිලධාරීන්ට බදු කළමණාකරණය කර ගැනීමේ හැකියාවකුත් එමගින් ලබෙනවා. හැමෝම බදු ගෙවන නිසා ජාතික ආදායම වැඩි කර ගැනීමේ හැකියාව ලැබෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කරන්න, පොහොර සහනාධාරය, ගොවි ණය කපා හැරීම, නව තාක්ෂණිය වැනි දෙයින් ගොවියන්ගේ ආදායම වැඩි කර ගැනීමට හැකි ක්‍රමවේද අපි හදුන්වා දෙනවා.
කොළඹ නගරය දියුණු කළා වගේම ග්‍රාමිය නරග දියුණු කරන්න අපි පියවර ගන්නවා. කොළඹ කසල නිෂ්කාශනය වෙනුවෙන් අපි සැකසූ ක්‍රමවේදය මේ රජය සම්පුණයෙන්ම වෙනස් කළා. ඒකෙන් පුත්තලමේ ජනතාව අසීරුතාවයට පත්වුණා. පසුගිය කාලයේ මම ලෝකයේ තිබෙන කසල කලමණාකරණ ක්‍රමවේද සම්බන්ධයෙන් සොයා බලුවා. අධ්‍යයනයන් කළේ පුද්ගලිකව
කසල ප්රශ්නය ඔබට තව දුරටත් ප්‍රශ්නයක් නොවන අයුරින් අපි තාක්ෂණය හදුන්වා දෙනවා. ඒ වගේම රැකියා සදහා වූ නිපුණත්වයක් ලබා දෙන්න අපි පියවර ගෙන තිබෙනවා. ආර්ථිකය ඉදිරියට ගෙන යන තෙක්, කියා වර්ධනය කර දුප්පත්කම පහළ හෙලන තෙක් අපි සහන මල්ලක් ලබා දීලා තිබෙනවා. එදිනෙදා මුදල් හොයන අය රෝගාතුර අය වයෝවෘද අයට අපි සලාක මල්ලක් සෑම මාසයකම නොමිලේ ලබා දෙන්න තිරණය කර තිබෙනවා.
ඒ වගේම ජල බිල,විදුලි බිල, ගැස් බිල වෙනුවෙන් අපි සහන දීලා තිබෙනවා. 54000ක් වුනු උපාධිධාරින්ට රැකියා ලබාදෙන්න. නිපුණත්වයක් නැති දුප්පත් පවුල්වලට එක රැකියාවක් හෝ ලබා දෙන්න අපි පියවර ගෙන තිබෙනවා.”