ද්වීපාර්ශවීය සභා ඡන්ද විමසීමෙන් පසුව දෙවැනි වරටත් ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය පිළිබඳ ලිපියට අත්සන් කිරීමට පෙර කථානායක නැන්සි පෙලෝසි කෙටියෙන් වාර්තාකරුවන් අමතමින් පැවසුවේ කිසිවෙකුත් නීතියට ඉහළින් නොමැති බව අද පෙන්නුම් කළ බවය.
"අද, ද්විපාර්ශ්වීය ආකාරයකින් සභාව පෙන්නුම් කළේ කිසිවෙකු නීතියට ඉහළින් නොසිටින බවත්, එක්සත් ජනපද ජනාධිපතිවරයා පවා නොවන බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් යනු අපේ රටට පැහැදිලි හා වර්තමාන අනතුරක් බව හඳුනාගෙන අවසන්. ඒ අනුව නැවත වරක් අප මේ සභාවට ගෞරවයෙන් දිවුරුම් දෙන්නේ එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකගෙන, එය ආරක්ෂා කරන බවයි. දෙවියනි, අපට උදව් කරන්න. ඒ අනුව අපේ රට වෙනුවෙන් කැරැල්ලක් අවුලුවන ජනාධිපතිවරයෙකුගේ දෝෂාභියෝග ලිපියට මෙසේ අත්සන් කරනු ලබනවා." කථානයාක පෙලෝසි පැවසීය.