මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ ගුණාත්මක තේ සමග මිශ්රකර අලෙවි කරන වෙළෙන්ඳන් දෙදෙනෙකු කසල තේද සමග ඊයේ (04) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට තලවාකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත්ව ඇත.
තලවාකැලේ පොලිස් වසමට අයත්, තලවාකැලේ නගරයේ පිහිටි බලපත්ර සහිතව තේ කුඩු අලෙවි කිරිම සිදු කරන වෙළදසැලක නීතිවිරෝධි ලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු ඉවත දමන ලද කසල තේ හොඳ තේ කුඩු සමග මිශ්ර කරමින් සිටියදි පුද්ගලයින් දෙදෙනෙකු සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තලවාකැලේ පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
මෙම වැටලීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ 115 ක්ද සොයාගෙන තිබේ.
මෙම පුද්ගලයින් දිගුකලක සිට හැටන්, කොටගල ප්රදේශයේ ස්ථානයකින් ඉතා අඩු මිලකට කසල තේ මිලදීගෙන මෙලෙස හොඳ තේ සමග මිශ්රකර වැඩි මිලට අලෙවිකිරිමේ ජාවාරම පවත්වාගෙන ගිය බව පරික්ෂණ වලදී අණාවරණය වී තිබේ.
සැකකරුවන් තලවාකැලේ ප්රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව තලවාකැලේ පොලීසිය පවසයි.