හැටන් පෞද්ගලික බස් නැවතුම්පොළ අසල පොදු වැසිකිලියට ආසන්නයේ කැලි කසල බැහැර කරන ස්ථානයක බැගයක දමා තිබු යුද හමුදා නිල ඇදුමක් සහ හිස් වැසුමක් හැටන් පොලීසිය සහ යුද හමුදා විසින් අද (07) උදෑසන සොයා ගනු ලැබුවා.
කැලි කසල බැහැර කරන ස්ථානයේ සැක සහිත පාර්සලයක් තිබෙන බවට බස් නැවතුම්පොළට පැමිණි මගි ජනතාව විසින් ලබාදුන් තොරතුරක් මතයි මෙම නිල ඇදුම සොයාගෙන ඇත්තේ.
හැටන් පොලීසිය සහ යුද හමුදාව ඒකාබද්ධව ප්රදේශය පුරා සොදිසි මෙහෙයුම් සිදු කරන නිසා මෙම නිල ඇදුම කැලි කසල බැහර කරන ස්ථානයට කිසියම් අයෙකු විසින් ගෙනවිත් දමන්නට ඇති බවට හැටන් පොලීසිය සැකකරයි.