කිසිම විදේශිකයෙකුට මේ රටේ දේශපාලන පක්ෂයක් පිහිටුවන්න දෙන්නේ නැති බවත් එමෙන්ම මේ රටේ ස්වයිරීභාවයට හානි වන කිසිම දේකට රජය එකග නොවන බවත් වෙරළ සංරක්ෂණ හා නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා අද (16 ) අම්බලන්ගොඩදී පැවසීය.
අම්බලන්ගොඩ පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ගොඩහේවා එසේ කීවේය.
එහිදී තව දුරටත් කතා කල රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මෙසේ ද කීවේය.
කිසිම විදේශිකයකුට මේ රටේ දේශපාලන පක්ෂයක් ආරම්භ කරන්න දෙන්නේ නැහැ. ඉන්දියාව නෙමෙයි වෙන කිසිම රටක අයෙකුට එහේම කරන්න දෙන්නේ නැහැ.ඔනෑම රටක ඉන්නවා දේශපාලන හෙන්චයියලා.ඒ දේශපාලන හෙන්චයියලා සතුටු කරවන්න ඒ ඒ රටවල ඇතැම් දේශපාලකයෝ කටයුතු කරනවා.වහසි බස් දොඩවනවා.
ඉන්දියාවෙත් එහේමයි.ඉන්දියාවේ ඇතැම් දේශපාලකයෝ තම හෙංචයියලා සතුටු කරවන්න ඇතැම් කතා කියනවා. ඒවා ගැන අපි කලබල වෙන්න හොද නැහැ.මේ රටේ ස්වයිරී භාවයට හානිවෙන කිසිම දේකට මේ රජය කැමති වෙන්නේ නැහැ.ඒක ඉතා වගකීමෙන් කියන්න පුළුවන්.
ඒවගේම අපේ පක්ෂයේ හෝ වෙනත් පක්ෂයක අයෙකුට මත පල කරන්න පුලුවන්.ඒකතමයි ප්රජාතන්ත්රවාදය කියන්නේ.යම් කෙනෙක් යම් මතයක් පල කරාම අපි ඒක අපේ පක්ෂයට ද්‍රෝහිකමක් කරා කියලා සලකන්න හොද නැහැ.ඕනෑම කෙනෙකුට මත පල කිරීමේ අයිතිය තියෙනවා .පක්ෂය හෝ වේවා විපක්ෂය වේවා කාටත් එය පොදු යයි ගොඩහේවා මහතා අවසාන වශයෙන් කීවේය.
කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත