කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්ය මණ්ඩලයේ 23 කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය .
ඉකුත් දිනවල වෛරස ආසාදිත රෝගීන් සිව්දෙනෙකු වරින්වර හමුවීමෙන් අනතුරුව ඉකුත්30 දින සිදුකරන ලද අහබු පි සිආර් පරීක්ෂණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයන් 19 දෙනාගෙන් 18 දෙනකුටම වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වූ බව වෛද්‍යතුමිය පැවසුවාය
කාර්යමණ්ඩලයේ 52 සිටින අතර ඉතිරි පිරිසට අද දින රැපික් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරන බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය
මේ හේතුවෙන් අංක 1 සහ අංක 2 අධිකරණ ශාලාවල ඊයේ 2 දින කැඳවීමට නියමිත සියලුම නඩු ලබන මස 27 වැනි දා දක්වා කල් තබන බව අධිකරණ රෙජිස්ටාර්වරයා දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබිණි