ඇදිරි නීති සමයේ කිසිදු ගෑස් හිගයක් ඇති වීමට ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
පසුගියදා ඇතිවූ ගෑස් හිගය සමග රට තුළ පවතින ගෑස් සංචිත පිළිබදව සොයා බැලීමට කෙරවලපිටිය ලිට්රෝ ගෑස් පර්යන්තය තුළ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදීයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ ගියද ජනතාවට බරක් නොවන පරිදි සහන සලසමින් පෙර මිලටම ලිට්රෝ ගෑස් ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා.
අවශ්‍ය තරම් ගෑස් තොග රටට ලැබෙමින් පවතින නිසා උපරිම ධාරිතාවකින් යුතුව වෙළදපොළට ගෑස් සැපයීම සිදු කරන බවයි ඒ මහතා සදහන් කළේ.