කොවීඩ්-19න් වසංගතය හමුවේ කොස්ගොඩ පොලීසිය තාවකාලිකව අද (25 ) රාත්‍රියේ සිට වසා දැමීමට පියවර ගත් බව එම පොලීසියේ ප්‍රකාශකයකු කීවේය.
කොවීඩ්-19න් ආසාධිත අහුන්ගල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආයුර්වේද බෙහෙත් ශාලාවක වෛද්‍යවරයෙකුගෙන් සිය පොලිස් ස්ථානයේ නිලධාරින් දෙදෙනෙක් ප්‍රතිකාර ගැනීම නිසා මේ පියවර ගත් බවද ඔහු කීවේය.
එම පොලිස් නිලධාරීන් දෙදෙනා සහ ඔවුන් සමීවප ඇසුරකල අනෙක් පොලිස් නිලධාරීන්ද ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවද ප්‍රකාශකයා කීවේය.
පොලිස් ස්ථානය මුලුමනින්ම විෂ බීජ හරනය කොට වෙනත් පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා නැවත සිය සේවා ස්ථානය විවෘත කිරීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.
කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත