ග්ලයිෆොසෙට් තහනම සමඟ මෙරට කෘෂි රසායන (කෘමිනාශක, වල්නාශක හා දිලීර නාශක) භාවිතය මෙට්‍රික් ටොන් 5000ට අඩුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.
ලෝක ජල දිනය නිමිත්තෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සංවිධානය කල ජල දින සැමරුමට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“2015 වර්ෂයට පෙර අපේ කෘෂි ක්ෂේත්රය තුළ කෘමි නාශක දිලීර නාශක මෙට්‍රික් ටොන් 8000ක් භාවිතයට ගෙන තිබෙන අතර එය ග්ලයිෆොසෙට් තහනම සමඟ මෙට්‍රික් ටොන් 5000 අඩුවෙලා. අපි කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට උපදෙස් ලබාදීලා තියෙනවා හැම විටම කෘමිනාශක වෙනුවට ජෛව ක්‍රම, කෙම් ක්‍රම හා ස්වභාවික ක්‍රම අත්හදා බලන්න කියලා.
අපි දන්නවා කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල පානීය ජලයෙන් 22% ක් 25% අපතේ යනවා. අපි තම තමන්ගේ නිවස තුළම ජලය අරපිරිමැස්ම පුරුදු විය යුතුයි. මම නියෝජනය කරන දිස්ත්‍රික්කයේ කලාවැවහතර පාරක් ජලයෙන් පුරවන්න ඕනෑ ඒ යටතේ ඇති කුඹුරු අස්වද්දන්නට.
නමුත් ජලය අරපිරිමැස්මෙන් භාවිත කළා නම් එහෙම වෙන්නේ නෑ. ගොයමට අත්‍යවශ්‍ය ජල ප්‍රමාණය පිළිබඳ ගොවීන් දැනුවත් කළත් පිරී ඉතිරී යන්න කුඹුරු සඳහා ජල යොදා ගන්නවා.
අපි වසරකට කෘත්‍රීම පොහොර වර්ග මෙට්‍රික් ටොන් ලක්ෂ 12ක් යොදනවා. මේ සේරම අපේ මහ පොළවට මුසු වෙනවා.කුඹුරු වේලි හරහා වැව්වලට එනවා. වැව් බැර ලෝහවලින් පිරෙනවා. සැල්වීනියා, ජපන්ජබර වැව් වහගෙන හැදෙන්නේ මේ පොහොර ජලයට මුසු වීම නිසා.”