කෘෂි රක්ෂණ මණ්ඩලයෙහි ලියාපදිංචි රක්ෂණ වාරික මුදල් ගෙවූ සියලු ගොවීන්ගේ වන්දි මුදල් සති දෙකක් තුළ ගෙවා දමන ලෙස කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන්ට අමාත්‍ය පී. හැරිසන් මහතා උපදෙස් ලබා දුන්නේය.
ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා හා ගොවි නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙන ලදී.
ඒ අනුව අම්පාර, මොණරාගල හා ඇතිමලේ රක්ෂණ වාරික ගෙවූ ගොවීන් 3000 කට මෙම වගා හානි මුදල් ගෙවීමට නියමිතය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 200 ක පමණ මුදලක් වැය වෙතැයි නිළධාරීන් අමාත්‍යවරයාට ප්‍රකාශ කළ අතර මුදල් ගෙවීම ප්‍රමාද වීමට අමාත්‍යවරයා නිළධාරීන්ගෙන් කරුණු විමසූ අතර ඒ වෙනුවෙන් මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතුද හැකි ඉක්මනින් සිදුකරන ලෙස අමාත්‍යවරයා පැවසීය.