උතුරු හා උතුරු මැද පළාත්වල වෙසෙන ණයගැතිභාවයෙන් පෙළෙන ජනතාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ ලබාදෙන ණය සීමාව රු 100000ක් දක්වාත්, පොලී අනුපාතය සියයට 9 සිට සියයට 6ක් දක්වාත් අඩු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විවිධ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම මගින් ණය මුදල් ලබාගෙන ණයගැතිභාවයට පත්ව සිටින ග්‍රාමීය අඩු ආදායම්ලාභීන් එම ණය උගුලෙන් ගලවා ගැනිම සඳහා සමූපාකාර ග්‍රාමීය බැංකු හා සකසුරුවම් හා ණය ගනුදෙනු සමූපාකාර සමති හරහා හඳුන්වාදී ඇති අඩු පොලී සහිත න්‍ය යෝජනා ක්‍රමය උතුරු හා උතුරු මැද පළාත්වලත දිස්ත්‍රික් ලේකම් කාර්යාල 6ක් මගින් මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
මේ වන විට උතුරු පළාත සඳහා රුපියල් මිලියන 292ක් හා උතුරුමැද පළාත සඳහා රුපියල් මිලියන 250ක් වශයෙන් ප්‍රතිලාභීන්ට ලබාදී තිබේ.