දේශිය බීජනිෂ්පාදනය ශක්තිමත් කිරීමේ කාලීනව ඉතා වැදගත් මෙහෙවරකට වටිනා යෝජනා රැසක් සමග දේශිය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම උපදේශකවරුන් සක්‍රීයව මැදිහත් වීම දරාගත නොහැකිව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ පාලන අධිකාරිය විසින් ගත් අදූරදර්ශි හිතුවක්කාරි තින්දු නිසා සදුදා දිනයේ වැජ වර්ජනයක් අරඹන බව මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමයේ ලේකම් නාලක හේරත් මහතා පවසයි.
කෘෂිකර්ම උපදේශක වරුන් විසින් අද (01) මහනුවරදි පැවැති මාධ්‍ය හමුවකදි මේ බව පැවැසිය.
ගන්නෝරුව එළවලු බීජ මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිතුමිය සාර්ථකව රාජකාරි කරමින් යන අවස්ථාවකදි ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ නිලධාරියෙකු බීජ මධ්‍යස්ථානයට පත් කිරිමත් සමග මෙම ඒකකයේ සියලු කටයුතු අකර්මණ්‍ය තත්ත්වයකට පත් වි ඇති බවත් ගන්නෝරුව එළවලු බීජ මධ්‍යස්ථානය ඇත අතිතයේ සිට ශ්‍රී ලංකා තාක්ෂණ සේවාවේ පළමු පංතියේ නිලධාරිනියක් විසින් පාලනය කර ස්ථානයක් බවත් ඔහු පවසයි.
ඒමෙන්ම මෙම ස්ථානය තුලින් සියලුම ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කරමින් මෙවැනි නිලධාරිනියක් පත් කිරිම මගින් මෙම ස්ථානයේ සියලුම කෘෂි උපදේෂකවරුන් අසතුටට පත් වි ඇති බවත් එම නිසා මෙම ක්‍රියාමාර්ගය ගැනිමට සිදුවු අතර මෙයින් ගරු චමල් රාජපක්ස මහතා විසින් ගෙන යන දේශිය කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන ජාතික වැඩ පිළිවෙලට අකුල් හෙලිමක් නොවන බවද ඔහු පැවැසිය.
කොරෝනා උවදුර තිබියදි පවා මේ කන්නය ආරම්භ විමත් සමගම සියලු පළාත් වල ගොවියන් හමුවි කෘෂිකර්ම උපදේශකවරුන්ගේ කටයුතු සාර්ථකව ඉෂ්ඨ කල බවත් අධ්යක්ෂ තුමාගේ නොහැකියාවට බීජ මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරි තනතුරට වෙනත් කෙනෙකු පත් කිරිම තුලින් කෘෂිකර්ම උපදේශකවරුන් ගෙන යන වැඩ පිලිවෙල ආසාර්ථක නොකර එම තනතුරට වෙනස් කිසිවෙකු පත් නොකර කෘෂිකර්ම උපදේශක වරුන්ගේ ගරුත්වයට හානි කිරිම නවතා නොදැමුවහොත් සදුදා දිනයේ සියලුම . කෘෂිකර්ම උපදේශක වරුන් වැඩවර්ජනයකට යොමු වන බවද නාලක හේරත් මහතා පැවැසිය.
එහිදි අදහස් දැක්වු සමස්ථ ලංකා කෘෂිකර්ම උපදේශක සංගමයේ භාණ්ඩාගාරික වාසුදේව වෑවල මහතා පවසා සිටියේ ගන්නෝරුව එළවලු බීජ මධ්‍යස්ථානය වසර ගණානාවක සිට 1 වන ශ්‍රේණියේ කෘෂිකර්ම උපදේශකවරයෙකු යටතේ පැවති ආයතනයක් බවත් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් වරයා විසින් එතුමාගේ අත්තනෝමතික තිරණයක් මත කෘෂිකර්ම සේවයේ නිලධාරිනියක් පත් කර ඇති බවයි.
මැතිවරණයක් පැවැත්විම සදහා රජය ප්‍රකාශයට පත් කර අවස්ථාවකදි මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවත් මේ හේතුවෙන් කෘෂිකර්ම උපදේශකවරුන් සදුදා දිනයේදි දැවැන්ත වැඩ වර්ජනයකට යැමට තිරණය කර ඇති බවත් දිගින් දිගටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරිය විසින් කෘෂිකර්ම උපදේශවරුන්ට තිබු අවස්ථාවන් අහෝසි කරමින් අහිමි කරමින් අවහිර කරමින් යන බවත් මෙහිදි 19/20 කෘෂි සේවා උපදේශක සේවාව හිටියේද කෘෂිකර්ම උපදේශක සේවාවේ නිලධාරියෙක් සිටි බවත් එතුමාද ඉවත් කර කෘෂිකර්ම සේවාවේ නිලධාරියෙක්ද දැමු බවත් මෙය දෙවන අවස්ථාව වන අතර මේ සම්බන්ධව අප ලිඛිතව වාචිකව හා සම්මුතික මාර්ගයෙන් එතුමන්ලා සමග කතා කලද පාලන අධිකාරිය විසින් කෘෂිකර්ම උපදේශකවරුන්ට ඇති අයිතින් අහුරමින් යන බවද පැවැසිය.