ගන්නෝරුව එළවලු බීජ මධ්‍යස්ථානයට ස්ථාන මාරු කර ඇති කෘෂිකර්ම සේවයේ සහකාර අධ්යක්ෂ තුමිය වෙනත් ආයතනයක් තුල ස්ථාන ගත කිරිමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල් එම් ඩබ්ලිවු එම් ඩබ්ලිවු වීරකොන් ඇතුලු පාලන අධිකාරිය හට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් නීල් බන්ඩාර හපුහින්න මහතා විසින් දැන්විමෙන් පසු කෘෂිකර්ම උපදේශක වරුන්ගේ සංගමය අද දින ඇරඹුනු දිප ව්‍යාප්ත වැඩවර්ජනය නවතා දැමිමට තිරණය කර තිබේ.
මෙම නවතා දැමිමේ තිරණය ගත් බව මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමයේ සභාපති පියල් කුමාරගේ මහතා පැවැසිය.
කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් තුමාගේ ඇරයුමකට අනුව අද (04) දිනයේ බත්තරමුල්ල,රජමල්වත්ත කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදි මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේෂක වරුන්ගේ සංගමයේ හා සමස්ත ලංකා කෘෂිකර්ම උපදේශක සම්මේලනයේ නිලධාරින් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් හා පාලන අධිකාරිය මෙම හමුවිම සදහා අද කැදවු අවස්ථාවේදි මෙම තිරණයට එළඹුනු බව ද කෘෂිකර්ම උපදේෂක වරුන්ගේ සංගමයේ සභාපති පියල් කුමාරගේ මහතා පැවැසිය.
වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව ඉවත් කර ගත්තද එකඟතාවය අනුව පාලන අධිකාරිය කටයුතු නොකලහොත් සමස්ත ලංකා කෘෂිකර්ම සම්මේලනය සමග දීප ව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද මධ්‍යම රජයේ කෘෂිකර්මඋපදේශකවරුන්ගේ සංගමයේ සභාපති පියල් කුමාරගේ මහතා පැවැසිය.