ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්) එන්නතෙහි මාත්‍රා දෙකම එරට ජනතාව වෙත ලබාදීමේ කාල සටහනෙහි කිසිදු වෙනසක් නොමැති බවත්, රජයක් ලෙස ඒ සඳහා බැඳී සිටින බවත් ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශක වී.කේ. පෝල් අවධාරණය කරයි.
"ඉන්දියාවේ කොවිෂීල්ඩ් කාල සටහන මාත්‍රා දෙකකින් යුක්තයි. එහි කිසිදු වෙනසක් නැහැ. ඒ වගේම කොවැක්සින් එන්නතේද මාත්‍රා දෙකක් ජනතාවට ලබාදීම සිදුවෙනවා" වී.කේ. පෝල් ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
එසේම එන්නත් මිශ්‍ර කිරීම සම්බන්ධ විධිවිධානයක් දැනට ක්‍රියාත්මක නොවන අතර, ඒ පිළිබඳව මේ වනවිට ලෝකයේ පර්යේෂණයන් පමණක් සිදුවන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.