මරදානේ කොවිෂීල්ඩ් එන්නත ලබාදීමේදී අල්ලස් ගන්නා බවට වාර්තා වූ තොරතුරකට අනුව බස්නාහිර බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව එන්නත ලබාදෙන ස්ථානය අසළදී රුපියල් 1000ක් අල්ලස් ලෙස ලබාගන්නා අවස්ථාවේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම පුද්ගලයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු භාරයේ රුපියල් 20000ක මුදලක් තිබුණ බවත් අද දිනයේදී යම් යම් පුද්ගලයින්ට එන්නත් ලබාදීමේදී මෙම මුදල ලබාගෙන ඇතැයි සැකකරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
සැකකරු කොළඹ නගර සභාවට අයත් ඩීන්ස් පාරේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනියුක්තව සේවය කරන කාර්යාල කාර්ය සහායකයෙකු සේවය කරන පුද්ගලයෙක් බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
එසේම මරදාන ආශ්‍රිතව එන්නත් ලබාගැනීමේදී මෙසේ අල්ලස් වශයෙන් මුදල් ඉල්ලා ඇත්නම් 0718591563 යන දුරකතන අංකයට අමතා විස්තර දැනුම් දෙන ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.