කොවිඩ්-19 වෛරසයේ මූලාරම්භය පිළිබඳ වාර්තාව ලබන සතියේ නිකුත් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (19දා) පැවසීය.
මේ අතර රුසියාවේ ස්පුට්නික්-වී එන්නත සමාලෝචනය කිරීම සඳහා සම්පූර්ණ ලියකියවිලි බලාපොරොත්තුවෙන් සිටින බවත්, චීනයේ සීනොෆාම් සහ සීනොවැක් එන්නත් හදිසි ලැයිස්තුගත කිරීම පිළිබඳ සමාලෝචනය අප්‍රේල් මාසය වනවිට අවසන් කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් ජිනීවාහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කළේය.