කොවිඩ්-19 වසංගතය පිරිමින් සහ කාන්තාවන් අතර අසමානතාව වර්ධනය කර ඇති බවත්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දශක ගණනාවක සීමිත හා වහා බිඳෙන සුළු ප්‍රගතිය ආපසු හැරවූ බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසයි.
අතථ්‍ය දේශනයකට සහභාගී වෙමින් එහි මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අනතුරු අඟවා සිටියේ, සැලකිලිමත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත්, අපට පරම්පරාවක් හේ ඊට වැඩි අලාභයක් අහිමිවීමේ අවදානමක් ඇති බවය.
වසංගතය අතරතුර, සෞඛ්‍ය සේවකයන්, ගුරුවරුන්, අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සහ ප්‍රජාවන්හි රැකබලා ගන්නන් ලෙස කාන්තාවන් ප්‍රතිචාරයේ පෙරමුණ ගෙන තිබුණි. සෞඛ්‍ය සේවකයින්ගෙන් බහුතරයක් කාන්තාවන් වන නමුත් තුනෙන් එකකටත් වඩා අඩු සංඛ්‍යාවක් තීරණ ගැනීමේ කාර්යභාරය ඉටු කරන බව ඔහු පැවසීය.
වසංගතය ශාරීරික හා මානසික සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ශ්‍රම බලකායේ සහභාගීත්වයට බලපා ඇති බව ගුටරෙස් පැවසීය. වසංගත සමයේ අඩු වයසේ ගැබ් ගැනීම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැඩි වන ස්ථාන ගැනද ඔහු සඳහන් කළේය.