COVID-19 වෛරසයේ පැතිර යෑම සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් අඩු ආදායම්ලාභී සහ නැගී එන වෙළඳපල රටවල් සඳහා කඩිනමින් ලබා දෙන හදිසි මූල්‍ය පහසුකම් වෙනුවෙන් ඩොලර් බිලියන 50 ක් මුදලක් වෙන්කර තිබේ.
"රෝගය ඉතා ඉක්මණින් ව්‍යාප්ත වන බව අපි දන්නවා. අපගේ සාමාජිකයන්ගෙන් තුනෙන් එකකට වඩා සෘජුවම මෙහි බලපාම ඇතිව තිබෙනවා. මෙය තවදුරටත් කලාපීය ගැටලුවක් නොවේ - එය ගෝලීය ප්‍රතිචාරයක් ඉල්ලා සිටින ගෝලීය ගැටලුවක්" යැයි IMF කළමණාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පැවැසුවාය.
කෝවිඩ් 19 බලපෑම හේතුවෙන් මේ වසරේදී ලෝක ආර්ථික වර්ධනයද පහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
පසුගිය වසරේ පැවති සියයට 2.9 ක ආර්ථික වර්ධනය මේ වසරේදී 3.3ක් දක්වා වර්ධනය වෙනු ඇතැයි ජාත්‍යන්ත මූල්‍ය අරමුදල අපේක්ෂා කළත් කෝවිඩ් 19 බලපෑම හේතුවෙන් 2020 වසරේ ගෝලීය වර්ධනය මුලින් පුරෝකතනය කළ අගයට වඩා සියයට 3.2 දක්වා අඩුවෙනු ඇතැයි ඔවුන් සංශෝධනය කළේය.
අඩු ආදායම්ලාභී රටවල් සඳහා මේ වන විටත් ඩොලර් බිලියන 10 ක් දක්වා (සුදුසුකම් ලත් සාමාජිකයින්ගේ කෝටාවෙන් සියයට 50 ක්) හදිසි මූල්‍යකරණයක් ලබා දී තිබේ.
අනෙකුත් සාමාජිකයින්ට කඩිනම් මූල්‍යකරණ මෙවලම හරහා හදිසි මූල්‍යකරණයට පිවිසිය හැකි අතර එමඟින් නැගී එන වෙළඳපල සඳහා ඩොලර් බිලියන 40 ක් පමණ ලබා දීමට අවස්ථාව තිබේ.