කොවිඩ්-19 සෙසු අයට ආසාදනය වන ආකාරයෙන් වගකීම් විරහිතව හැසිරී, පුද්ගලයන් 22නෙකුට සෘජුව හා වක්‍රව වෛරසය ආසාදනය කළ බවට චෝදනාවට ලක්වූ ස්පාඤ්ඤයේ මොලෝර්කා දූපතේ, මැන්කෝර් නගරයේ පදිංචි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
"රෝග ලක්ෂණ තිබුණත්, පීසීආර් පරීක්ෂණයක් කළත්, ප්‍රතිඵලය ලැබෙන තුරු නොසිට, නිරෝධායනයකින් තොරව ඔහු සිය සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන ගොස් තිබෙනවා" යනුවෙන් පොලීසිය පවසයි.
40 හැවිරිදි මෙම පුද්ගලයා දැඩි උණ තත්ත්වය්ක සමග රාජකාරියට පැමිණ තිබේ. ඔහු සෑම තැනකම කහිමින් සිට ඇති අතර, ඒ අවස්ථාවේදී ඔහු සිය මුඛ ආවරණය පහත් කරමින් කැස්ස බවත් කියැවෙයි. ඉන් නොනැවතී, මේ අවස්ථාවේදී ඔහු, "මම ඔබට සියලු කිරීටක වෛරස් ලබාදීමට යනවා." යනුවෙන් වහසිබස්ද දොඩවා ඇත.
කෙසේ වෙතත් අවසානයේදී ආසාදිතයෙකු බව හඳුනා ගැනුණු මෙම පුද්ගලයා නිසා 8 දෙනෙකු සෘජුව හා 14 දෙනෙකුට වක්‍රව වෛරසය ආසාදනය වී ඇති බව පොලීසිය පවසයි. ඔවුන්ගෙන් තිදෙනෙකු අවුරුද්දක් වයසැති ළදරුවන් බවද පොලීසිය සඳහන් කරයි.