කොවිඩ්-19 ආසාදිතයන්ගේ ගෝලීය වැඩිවීම පසුගිය සතියේ යම් මන්දගාමී බවක් පෙන්වූවද, නව ආසාදිතයන් මිලියන 4ක් පමණ වාර්තා වී ඇති බවත්, එසේ වුවද මරණ අනුපාතය අඛණ්ඩව ඉහළ යමින් ලොව පුරා නව මරණ 67,000ක් වාර්තා වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
එම සිද්ධීන් හා මරණ සඳහා විශාලතම දායකත්වය යුරෝපයෙන් වාර්තා වී ඇති අතර, පසුගිය සතිය තුළ යුරෝපීය කලාපයෙන් එම සංඛ්‍යාවල තත්ත්වයද ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වයි.
ගෝලීය නව ආසාදිතයන්ගෙන් 44% ක් සහ ගෝලීය මරණවලින් 49%ක් යුරෝපයෙන් (නව මරණ 32,684) වාර්තා වී ඇත.
යුරෝපයේ වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 6%කින් අඩුවී මිලියන 1.77ක් ලෙස පසුගිය සතියේ සටහන් වෙයි.
ඉතාලිය යුරෝපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් (235,979) වාර්තා කළ අතර, එය ගෝලීය වශයෙන් තුන්වැනි ස්ථානයට පත්ව ඇත. ඉතාලියේ නව මරණ සංඛ්‍යාව 26%කින් ඉහළ ගොස් නව මරණ 4,578ක් පසුගිය සතියේ වාර්තා වී තිබේ.
එක්සත් රාජධානියේ, පසුගිය සතියේ සිට 13%ක නව ආසාදිතයන් සංඛ්‍යාවක් (149,027) අඩුවී ඇති අතර, නව මරණ සංඛ්‍යාව සමාන මට්ටමක පවතියි. එහිදී එක්සත් රාජධානියේ නව ආසාදනවල මෙම අඩුවීම අගෝස්තු අග සිට සතිපතා පහත වැටීමකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ "පසුගිය සති කිහිපය තුළ රටවල් ගණනාවක් දැඩි මහජන සෞඛ්‍ය හා සමාජ ක්‍රියාමාර්ග නැවත හඳුන්වාදීම සම්ප්‍රේෂණය මන්දගාමී වීමට හේතු වෙමින් ඇති" බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 සතිපතා වාර්තාවට අනුව අප්‍රිකාවේ, ආසාදන සංඛ්‍යාව සාපේක්ෂව අඩු මට්ටමක පවතින අතර, මහාද්වීපයේ මේ සතියේ නව ආසාදිතයන් 15% සහ මරණ 30%ක වැඩිවීමක් පෙන්වා ඇත. එහිදී දකුණු අප්‍රිකාව, ඇල්ජීරියාව සහ කෙන්යාව යන රටවල වැඩිම නව සිද්ධීන් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වි තිබේ.