දරුණු රෝග ලක්ෂණ සහිත කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පර්යේෂණාත්මක ප්‍රතිවෛරස ඖෂධයක් වන රෙමෙඩිසයිර් භාවිත කිරීම ජපානය විසින් අනුමත කර තිබේ.
එක්සත් ජනපදයේ පර්යේෂකයන් විසින් පසුගිය සතියේ කොරෝනා වෛරසයට ප්‍රතිකාර කළ හැකි පර්යේෂණාත්මක ඖෂධය පිළිබඳ නිවේදනය කළ අතර, ඖෂධය ලබාගත් රෝගීන් තරමක් ඉක්මනින් සුවය ලබන බව කීවේය.
එහිදී දරුණු රෝග ලක්ෂණ පෙන්වන කොවිඩ් -19 රෝගීන් සඳහා පමණක්, හදිසි භාවිතය සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලනාධිකාරිය විසින් රෙමෙඩිසිවර් වෙත බලය පවරා ඇත.
එක්සත් ජනපදයේ ගිලියද් ඖෂධ සමාගම විසින් සංවර්ධනය කරන ලද මෙම ඖෂධය අනුමත කිරීම සඳහා ඉල්ලුම් කර දින තුනකට පසුව ජපානයේ සෞඛ්‍ය හා සුභසාධන අමාත්‍යාංශය විසින් ඊට විශේෂ අනුමැතියක් ලබාදෙන ලදී.