ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරස රෝගීන්ගේ දෙවැනි උච්චතම අවස්ථාව ගැන අනතුරු අඟවයි.
WHO හි සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් ඊයේ (25දා) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, "අපි දැන් ගෝලීය වශයෙන් පළමු රැල්ල මැද" සිටින බවයි.
"අප තවමත් සිටින්නේ රෝගය සැබවින්ම වර්ධනය වෙමින් පවතින අවධියකයි."
"ඕනෑම වේලාවක රෝගය ඉහළ යා හැකි බව අප දැන සිටිය යුතුයි. රෝගය දැන් පහව යමින් පවතිනවා යැයි හෝ, දෙවන රැල්ලකට සූදානම් වීමට මාස ගණනාවක් ගත වනු ඇතැයි කියාවත් අපට උපකල්පනය කළ නොහැකියි. අපට මේ ආකාරයෙන් දෙවැනි උච්චතම අවස්ථාවකට වුවද මුහුණ දීමට සිදුවිය හැකියි."රයන් පැවසීය.