ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය, කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හමුවේ මුලින්ම බැටකෑ රාජ්‍යය වුවද, ක්‍රමයෙන් සිය රට නැවත විවෘත කිරීමට මුලින්ම කටයුතු කළ රාජ්‍යය බවටද පත්ව තිබේ.
එරට තුළ වෛරසය ව්‍යාප්ත වනවිට එහි බලපෑමට මුලින්ම ප්‍රතිචාර දැක්වූ චීන සමාගම් හා ව්‍යාපාර ඔවුන්ගේ අත්දැකීම් උපයෝගී කරගනිමින් ලෝකයේ සෙසු කලාපයන්ටද මේ වනවිට ආදර්ශයක් සපයා ඇති බව නොරහසකි. ඒ අනුව කොවිඩ්-19 වසංගතය හමුවේ ආයතිනක හා ව්‍යාපාරික ලෝකයේ අනාගතය වෙනස්වී ඇති ආකාරයත්, ඒ සඳහා චීනය ලෝකය වෙත පෙර දසුනක් ලබාදෙන ආකාරයත් සැකෙවින් මෙසේ දැක්විය හැකිය.
අප වැඩ කරන ආකාරය
විශේෂයෙන්ම තම සේවා ස්ථානයේ සමාජ දුරස්ථභාවය සහ ආරක්ෂිත හැසිරීම් ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න ගැන චීනයෙන් උගත හැකි පාඩම් බොහෝය. නිදසුනක් ලෙස රාජකාරී කරන මේස අතර පරතරය වැඩිකර ඇති අතර, හවුලේ ස්පර්ශ කළ පෘෂ්ඨයන් වෙනුවට තනි තනි භාවිතය සඳහා වැඩි නැඹුරුවක් ලබාදී ඇත. එමෙන්ම බොහෝ ආයතන තම සේවකයන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක උපකරණ සපයා ඇති අතර, ආහාර අනුභවයේ සිට ආයතනනය තුළ සෑම කර්යයකදීම සමාජ දුරස්ථකරණ ප්‍රතිපත්තිවලට මූලිකත්වය දී ඇත.
එමෙන්ම නිතර දෑත් පිරිසිදු කරගැනීමට පහසුකම් මෙන්ම, මුඛ ආවරණ ආයතන තුළ හා ප්‍රසිද්ධ ස්ථානවල අනිවාර්ය කර තිබේ. සාමාන්‍යයෙන් ආයතනයට පැමිණෙන විට ඇඟිලි සලකුණු තැබීම වෙනුවට මේ වනවිට මුහුණ හරහා හඳුනා ගැනීම (Facial Recognition) හෝ ජංගම දුරකථනයේ QR කේතය ආයතනයට පිවිසීමේ ප්‍රධාන ක්‍රමවේද බවට පත්කර ඇත.
මීට අමතරව නිවසේ සිට මාස ගණනක් වැඩ කිරීමෙන් පසුව ලැබූ අත්දැකීම් සමග, චීනයේ බොහෝ සේවා ස්ථාන විසින් සිය සන්නිවේදන ජාලා වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ. විශේෂයෙන්ම නවතම ව්‍යවසායක මෘදුකාංග සඳහා චීනය තුළ වැඩි ඉල්ලුමක් ඇතිවී තිබෙන්නේ, තාක්ෂණය පදනම් කරගත්, සමාජ දුරස්ථකරණය පහසු කළ හැකි ක්‍රමවේද වෙත වැඩි නැඹුරුවක් ලබාගැනීමටය.
වෙළෙඳාම හා සාප්පු යන ආකාරය
චීනයේ මිලියන ගණනාවක් මාස කිහිපයක් නිවෙස් තුළ හුදකලා වූ පරිසරයක ඔවුන් මෙතෙක් සාප්පු සවාරි ගිය ක්රමවේදයද වෙනසකට බඳුන් වෙමින් නව චර්යාවන් හා ජීවන රටාවන් වෙත ඔවුන් යොමුවී ඇත. සැබවින්ම ඔවුන්ගේ පෙර පැවති සාප්පු සවාරි පුරුදු වෙනස් වීමත් සමග මෙතෙක් පැවති වෙළෙඳ ක්රමවේදයන්හිද වෙනසක් සිදුව ඇත.
ඒ අනුව දැනටමත් ප්‍රකට වෙළෙඳ නාමවල සිට සාමාන්‍ය එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දක්වා වූ භාණ්ඩ හුවමාරුව වෙනුවෙන් චීනය සිය අන්තර්ජාල වෙළෙඳාම වේගවත් කර ඇත. ඒ මගින් ඉතා කඩිනම් හා ඵලදායී ලෙස සේවය සැලසීමටත්, පාරිභෝගික තෘප්තිය ඉහළ නංවා ගැනීමටත් ඔවුන්ට හැකිවී ඇත.
චීනයේ ඇතැම් ඩිජිටල් අලෙවි සමාගම් පෙන්වා දී තිබුණේ පසුගිය මාස තුන තුළ සිය සමාගම්වල අලෙවිය 30%ක් ඉක්මවා ඉහළ ගොස් ඇති බවය. එමෙන්ම එරට බොහෝ ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාර තුළ ක්‍රියාකාරී පරිශීලකයන් 80%ක් ඉක්මවා ඉහළ ගොස් තිබුණි.
මෙතෙක් සාප්පු සවාරි වෙතම නැඹුරු වී සිටි පිරිස්ද තම එදිනෙදා අත්‍යාවශ්‍ය භාණ්ඩවල සිට බොහෝ දේ අන්තර්ජාලය හරහා ඇණවුම් කර නිවසටම ලබාගැනීමට පෙළඹී සිටිති. මෙය කොවිඩ්-19 හමුවේ එරට සාප්පු සවාරි අත්දැකීම මෙන්ම, වෙළෙඳාම වැඩිපුර ඩිජිටල්කරණය වෙත යොමුවීමකි.
සැපයුම් දාම කළමනාකරණය කරන ආකාරය
වසංගතය හමුවේ සැපයුම් දාමයේ බිඳ වැටීමක් තිබුණත්, නිසි කළමනාකාරණයක් තුළ සැපයුම් දාමයට පවා යළි උත්තේජනයක් ලබාදිය හැකි බව චීනය ඔප්පු කර ඇත.
විශේෂයෙන්ම වසංගතය හමුවේ අමුද්‍රව්‍ය හිඟවීමත්, අත්‍යවශ්‍ය සැපයුම් නොලැබීමත්, සේවකයන්ගේ රාජකාරි සඳහා නොපැමිණීමත් යන අර්බුදය සැපයුම්දාම සඳහා සෘජුවම බලපෑවේය.
එනමුදු මෙය ව්‍යාපාරවලට තම භාණ්ඩ නැව්ගත කරන්නේ කෙසේද සහ ඒවා අපනයනය කරන්නේ කෙසේද යන්න ගැන නැවත සිතා බැලීමට බල කෙරුණු අවස්ථාවකි. ගෝලීය සැපයුම් දාමය නැවත සොයා ගැනීමට උනන්දුව ඇති කළ අවස්ථාවකි. ඒ අනුව මෙම වසංගතය බොහෝ සමාගම් සඳහා අවදි කිරීමේ ඇමතුමක් බඳු විය.
චීනය මේ අභියෝගය ජයගත්තේ වෛරසය රට තුළ ඉතා ප්‍රබල ලෙස පැතිරෙන අවස්ථාවේදී පවා සිය සැපයුම්දාමය නිසි ලෙස කළමනාකරණය කරමිනි. ඒ නිසා රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මෙන්ම, රටින් විදේශයන් වෙත සිදුකරන සැපයුම්වලද සිදුවීමට තිබූ දැවැන්ත කඩා වැටීම් මුලින්ම කළමනාකරණය කරගැනීමට චීනය සමත් විය.
මේ සියලු ක්‍රියාමාර්ගයන් හිදී චීනයේ දේශපාලන අධිකාරියේ සිට රටේ සමස්ත මහජනතාව, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මෙන්ම මාධ්‍ය යන මේ සියලු අංශ එක අරමුණක් වෙනුවෙන් ක්‍රියාකළ අතර, අනවශ්‍ය කකුලෙන් ඇදීම්, වෙට්ටු දැමීම් නොමැතිව, රටක් ලෙස නැගී සිටීමේ ඒකායන අරමුණ පමණක් පෙරදැරිව චීනය කටයුතු කළේය. මෙය කොවිඩ්-19 වසංගතය හමුවේ නැගී සිටීමට වෙරදරන ලොව සියලු රටවලට සුවිශේෂී ආදර්ශයක් සපයා ඇති බව නොරහසකි.