නව කොරෝනා වෛරසය ආසාදිතයන් ශීඝ්‍රයෙන් වැඩිවීම හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ එක්සත් ජනපදයට අති විශාල හානියක් අතිවිඳීමට සිදුවනු ඇති බව එරට රජයේ ඉහළම බෝවන රෝග විශේෂඥයා අනතුරු අඟවයි.
වොෂිංටන් පෝස්ට් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය ඇන්තනි ෆවුසි දැක්වූ මෙම අදහස, එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිරන්තරයෙන් සඵත කිරීමට උත්සාහ කරන ඇමෙරිකානු ජනතාව වෛරසය වටකරමින් එය ආපසු හරවමින් සිටින බවට කරන ප්‍රකාශය සමග ගැටෙයි.
ශීත සෘතුවේ සීත මාසවලදී වැඩි පිරිසක් ගෘහස්ථව එක්රැස් වන බැවින් එක්සත් ජනපදය මේ අවස්ථාවේදී වඩා දුර්වල ලෙස ස්ථානගත විය නොහැකි බව අවධාරණය කරන වෛද්‍ය ෆවුසි, එරට මහජන සෞඛ්‍ය පූර්වාරක්ෂාවන්හි හදිසි වෙනස්කම් කිරීමට අවශ්‍ය බව අවධාරණය කරයි.
එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 වෛරසයෙන් මියගිය සංඛ්‍යාව පසුගිය සතියේ 230,000ක් පසු කර ඇති අතර, දෛනිකව නව ආසාදන වාර්තාගත ලෙස ඉහළ යයි. එහිදී පසුගිය සිකුරාදා ආසාදිතයන් 98,000කට වඩා වාර්තා විය. රටේ බොහෝ ප්‍රදේශවල රෝහල් ගතවීම්ද ඉහළ යමින් පවතී.
මේ තත්ත්වයන් මත කිසිදු සාක්ෂියක් නොමැතිව ට්‍රම්ප් විසින් දත්ත අවතක්සේරු කර ඇති අතර, බොහෝ වෛද්‍යවරු පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් වෛරසයේ මරණ සංඛ්‍යාව වැඩි කරන බවට චෝදනා කරයි.
"මම කියන්නෙ, අපේ වෛද්‍යවරු හරිම දක්ෂ මිනිස්සු" ට්‍රම්ප් සිකුරාදා මිචිගන් හි පැවති රැලියකදී පැවසීය. "ඒත් ඔවුන් කරන, කියන දේ ගැන මට කණගාටුයි. ඔවුන් කියන්නෙ, සෑම කෙනෙක්ම කොවිඩ්-19 නිසා මිය යාවිලු."
ට්‍රම්ප්ගේ මෙම වගකීමෙන් තොර ප්‍රකාශ හමුවේ වෛද්‍ය ෆවුසි අවදානම් ගැන කතා කරමින් ඩිමොක්රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මෙම තත්ත්වය මහජන සෞඛ්‍ය දෘෂ්ටිකෝණයකින් බැරෑරුම් ලෙස සැලකන බවත්, ට්‍රම්ප් එය වෙනත් දෘෂ්ටිකෝණයකින් බලන බවත් කියයි.
ධවල මන්දිරයේ නව කොරෝනා කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු වූ වෛද්‍ය ෆවුසි පවසන්නේ තමා සිදුකරන සියලු ප්‍රකාශන ආර්ථිකය සහ රට නැවත විවෘත කිරීම අපේක්ෂාවෙන් කරන ඒවා බවය.