කොවිඩ් 19 වෛරස් රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මේ වන විට රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
මේ ඒ පිළිබඳව සංක්ෂිප්ත සටහනකි.
- ඊජිප්තුව තුළ නව කොවිඩ් ආසාදිතයන් 40ක් වාර්තා වන අතර මරණ දෙකක් වාර්තා වී තිබේ.
- සර්බියාවේ අප්‍රේල් 26 දා පැවැත්වීමට තිබූ මහ මැතිවරණය ඔවුන් කල් දමා තිබේ. මේ වන විට සර්බියාව තුළ හදිස් අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අතර එය අවසන් වන තෙක් මැතිවරණය කල් දමා තිබේ.
- අයර්ලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ තම රටේ කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 15000 ඉක්ම වනු ඇති බවයි. මේ වන විට අයර්ලන්තය තුළ වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 169කි.
- ප්‍රංශයේ නව මරණ 21ක් වාර්තා වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 148කි. රෝගය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 6633ක් වෙයි. ප්‍රංශය මේ වන විට තම රටේ කටයුතු වසා දමා තිබේ.
- ඇමෙරිකාව තුළ පුද්ගලයන් 10 දෙනෙකුට වඩා එක්රැස්වීම් තහනම් කරමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝගයක් පනවා තිබේ.
- ඩොමිනිකන් රාජ්‍යයෙන් පළමු මරණය වාර්තා වන අතර ස්පාඤ්ඤයේ සිට පැමිණි 47 හැවැරිදි කාන්තාවකට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.
- පෝලන්තයේ පරිසර අමාත්‍ය මයිකල් වොස්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. පෝලන්තයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 156ක් වන අතර මරණ තුනකි.
- ජර්මනිය තුල කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 6012ක් දක්වා වර්ධනය වී අතර එක් දිනක් තුළ 1000කට වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ජර්මනියේ මරණ සංඛ්‍යාව 13කි.
- මැයි දක්වා විදේශීය ජාතිකයන්ට රුසියාවට ඇතුළුවීම තහනම් කර තිබේ. මාර්තු 18 සිට මැයි 01 දා තෙක් මෙය ක්‍රියාත්මක වෙයි. රුසියාව තුළ කොවිඩ් ආසාදිතයන් 93ක් වාර්තා වෙයි.
- ඇමෙරිකානු ජාතිකයන්ට හැරෙන්නට කැනඩාව තුළට වෙනත් විදේශිකයෙකුට ඇතුළුවීම තහනම් කරමින් කැනඩාව දේශසීමා වසා දමා තිබේ.
- අඟහරුවාදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සුප්‍රසිද්ධ ටජ් මහල මාර්තු 31 දා තෙක් වසා දැමීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.එසේම ඉන්දියාව තුළ ප්‍රවේශ පත්‍ර ලබාගනිමින් ඇතුළු විය යුතු ස්ථාන හා කෞතුකාගාරද මාර්තු 31 දා තෙක් වසා දැමීමට ඉන්දියාව කටයුතු කර තිබේ.ඉන්දියාාවේ සියලුම පාසල්, විනෝදාස්වාද පහසුකම් සපයන ස්ථාන මේ වන විටත් වසා දමා තිබේ.ඉන්දියාව තුල කොවිඩ් ආසාදිතයන් 114ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව දෙකකි.
- බ්‍රිතාන්‍ය, එක්සත් අරාබි එමීර් රාජ්ය්ය, ස්විට්සර්ලන්තය, ඊජිප්තුව, සෞදි අරාබිය, අයර්ලන්තය යන රටවලින් පැමිණෙන සංචාරකයන්ට තහනමක් පැනවීමට තුර්කිය පියවර ගෙන තිබේ. තුර්කිය තුළ කොවිඩ් ආසාදිතයන් 18ක් වාර්තා වෙයි.
- ඉතාලිය තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව 2158ක් දක්වා වැර්ධනය වී තිබේ. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27980කි.
- මාර්තු 17 සිට 24 දක්වා ඉරාකය තුළ අභ්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමට ඉරාකය කටයුතු කර තිබේ.
- ස්විට්සර්ලන්තය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරිමට ස්විට්සර්ලන්ත රජය තීරණය කර තිබේ. අප්‍රේල් 19 තෙක් බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන තිබේ. ස්විට්සර්ලන්තය තුළ සියලමු පෞද්ගලික හා රාජ්‍ය ඉසව් තාවකාලිකව නවතා දමා තිබේ. කොවිඩ් 19 ආරක්ෂක අංශවල 8000 ක් විශේෂ රාජකාරී සඳහා කැඳවීමට රජය තීරණය කර තිබේ.
- සුඩානය ගුවන් තොටුපොළ හා දේශසීමා වසා දැමීමට තීරණය කර තිබේ.
- ෆින්ලන්තය තුළ පාසල් හා විශ්වවිද්‍යාල වසා දැමීමට තීරණය කර තිබේ. ෆින්ලන්තයේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 272කි.
- කටාරය තුළ නව රෝගින් 38ක් වාර්තා වී ඇති අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 439ක් දක්වා වර්ධනය වී තිබේ.
- ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය වාචික කරුණු විමසීම් කල් දමා තිබේ.
- යුරෝපයට සංචාරය කිරිම ඇල්ජීරියාව විසින් තහනම් කර තිබේ.
- ජර්මනියේ බන්ඩෙස්ලිගා ලීගය අප්‍රේල් 2 දා තෙක් නවතා තිබේ.
- ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ ප්‍රාදේශීය නායකයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
- විදේශීය සංචාරකයන්ට චිලී රාජ්‍ය වෙත සංචාරය කිරිම තහනම් කර තිබේ. චීනය තුළ තහවුරු වූ රෝගීන් 155ක් වාර්තා වී තිබේ.
- පාකිස්තානය තුළ අලුතෙන් තහවුරු වූ රෝගීන් 15ක් හමුවී තිබේ. පාකිස්තානය තුළ කොවිඩ් ආසාදිතයන් 122ක් වාර්තා වන අතර එයින් 76ක්ම නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගිය පිරිස් වීම විශේෂී වෙයි.
- සෝමාලියව තුළ කොවිඩ් ආසාදිත පළමු රෝගියා හමුවෙයි.
- ටැන්සානියාව තුළ පළමු කොවිඩ් ආසාදිතයා හමුවෙයි.
- සිංගප්පූරුව තුළ නව කොවිඩ් ආසාදිතයන් 17ක් වාර්තා වී තිබේ.
- ආමේනියාව තුළ හදිස් අස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අතර මාර්තු 16 සිට අප්‍රේල් 16 දා තෙක් මෙය ක්‍රියාත්මක වෙයි.
- හංගේරියාව සිය දේශසීමා වසා දමා තිබේ.