කොරෝනා රෝගීන් වාර්තා වීම අනුව සංචරණ සීමා තව දුරටත් ඉදිරියේදී දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණය කරන බවත් කොරෝනා රෝගය සුළුපටු රෝගයක් නොවන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය හා සම කැබිනට් ප්‍රකාෂක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා බලපිටියේදී කීවේය.
සෞඛ්‍ය උපකරණ තොගයක් ඊයේ (28දා) බලපිටිය මූලික රෝහලට ප්රදානය කිරීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ පතිරණ මහතා එසේ කීවේය.
“කොරෝනා රෝගීන්ගේ වර්ධනයක් පසුගිය කාලයේ තිබූ බව අප සැම දන්නවා. මෙය මර්දනය කිරීමේ අරමුණින් දැනට රටේ දැඩි ලෙසම සංචරණ සීමා පනවලා තියෙනවා. ඒ වගේම සෑම කෙනෙක්ම ස්වයං විනයක් ඇතිව හැසිරීමටත් අවශ්‍යයයි. මෙය සෞඛ්‍ය අංශවලට විතරක් තනිවම පාලනය කළ හැකි කාරණයක් නෙමෙයි.පළමුව එන්නත්කරනය සාර්ථක කරගන්නට අවශ්‍යයයි.දෙවැන්න සෑම කෙනෙක්ම පරිස්සමෙන් ජීවත්වීමටත් අවශ්‍යයයි.
කොරෝනා ව්‍යසනය නිසා ආර්ථික අපහසුකම් ඇතිවෙලා තියෙන බව ඇත්ත.මේ තත්ත්වය යටතේ අපි සෑම කෙනෙකුටම කැපකිරීම් කරන්නට සිදුවෙලා තියෙනවා.
එන්නත්කරනය ඉතා සාර්ථකව සිද්ධ වෙනවා.නමුත් ස්ථාන දෙක තුනක යම් අක්‍රමිකතා සිද්ධවීම නිසා සමස්ත වැඩසටහනම කැලලක් සිද්ධනවා.ඒ නිසා මේ හා සම්බන්ධයෙන් වැඩකටයුතු කරන සෑම කෙනෙකුගේම වගකීම තමයි ඉතාමත් විනිවිද භාවයකින් යුත්තව මෙය ක්‍රියාත්මක කිරීම. රටේ සෑම කෙනෙකුටම එන්නත් ලබා දීමට දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරනවා.
වාර්තාවන රෝගීන්ගේ ප්‍රමාණය අනුවයි අපි ඉදිරියේදී මීටත් වඩා සංචරණ සීමා දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණය කරන්නේ. ඒක දේශපාලන තීන්දුවක් නෙමෙයි සෞඛ්‍ය අංශ විසින් ගනු ලබන තීන්දුවක්.ඔවුන්ගේ තීන්දු අනුව කටයුතු කරන්න විවෘත මනසකින් කටයුතු කරන්න රජය බලාපොරොත්තුවෙන් සිටිනවා.
කොරෝනා රෝගය බැරෑරුම් රෝගයක් හැටියට මුළු ලෝකයම පිළිගන්නා කාරනයක්.මේක අපේ ජීවිත කාලයේදීම මුහුණදුන් ප්‍රබලම සෞඛ්‍ය තර්ජනයක්.එය සැලකිල්ලට ගනිමිනුයි රජයක් හැටියට අපි මේ වගකීමෙන් වැඩ කරන්නේ.මේ රෝගයේ භයානක කම නිසයි බොහෝමයක් රටවල් මේ වනවිට අකර්මණ්‍ය කරලා තියෙන්නේ.
මේ කොරෝනා ව්‍යසනය සුළුපටුවෙන් හිතන්න පුළුවන් රෝගයක් නෙමෙයි.එහිදී වැදගත් කාරනය තමයි එන්නත් දෙකම ලබාගෙන මේ ව්‍යසනයට හොදින් සෞඛ්‍යාරක්ෂිතව මුහුණදීම. මේ එන්නත් දෙකම ගෙන සති දෙකක් ගතවුණාම ජීවිත අවදානම පිළිබවද යම් සෑහීමකට පත්වෙන්න පුළුවන්.ඒ කියන්නේ මරණ තරජනය පහව යනවා.ඒක ලෝකයම පිළිගත් දෙයක්.”
සුසිල් ප්‍රියන්ත