කොවිඩ් නිසා මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීමේදී එය පළාත් පාලන ආයතනවලට අයත් ආදාහනාගාර තුළින් නොමිලයේ සිදුකිරීමට අදාළ චක්‍ර ලේඛනයක් නිකුත් කිරිමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා අස (02දා) මාතලේ දී පැවසිය.
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවති විශේෂ කොවිඩ් රැස්වීමේදි මෙම කරුණු අනාවරණය විය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසදනය වි ඇති කොවිඩ් රෝගින් රදවා තැබීම සඳහා ඇදන් දහසක ධාරිතාවයකින් යුත් ස්ථාන කිහිපයක් යොදා ගැනීමට කටයුතු කරන බවත් තමන් ඒ පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සමග සාකච්ඡා කළ බවත්ය.
මහේෂ් කීර්තිරත්න