කොවිඩ් වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකු ආදාහනය කරද්දි පළාත් පාලන ආයතනයකට මුදල් ලබා ගැනීමට අවශ්‍යනම් එම මුදල තමාගේ පෞද්ගලික මුදලින් ලබා දීමට සූදානම් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
ලංකා පොදුජන පෙරමුණ පක්ෂ අරමුදල මගින් මුදල් වියදම් කරමින් දඹුල්ල මූලික රෝහලේ කොවිඩ් රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉදිකරන ලද වාට්ටුව රෝහලට භාර දීමේ අවස්ථාවට 14 දින එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය,
දඹුල්ල මූලික රෝහලේ කොවිඩ් ශරීරගත වූ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් ට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බව පසුගියදා ජනමාධ්‍ය මගින් හෙළිදරව් කිරීම්ත් සමඟ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට කතා කොට පක්ෂ අරමුදලෙන් කඩිනමින් මෙම වාට්ටුව ඉදිකිරීම් සඳහා පියවර ගත් බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය
වෛරසය ශරීරගතව මියයන පුද්ගලයන්ගේ ආදාහන කටයුතු සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ජනමාධ්‍යවේදීන් අමාත්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමේ දී කියා සිටියේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා හැටියට දිවයිනේ සෑම පළාත් පාලන ආයතනයකට නියෝග කොට ඇත්තේ කොවිඩ් වෛරසය ශරීරගතව මියයන පුද්ගලයන්ගේ ආදාහන කටයුතු සඳහා මුදල් ලබා නොගන්නා ලෙස දැනුම් දී ඇති බවයි
එසේ සිදුකිරීමට නොහැකි පළාත් පාලන ආයතන වෙතොත් එම මම මුදල තමාගේ පෞද්ගලික මුදලින් පළාත් පාලන ආයතනයට ලබාදීමට සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.