චීනයේ වූහාන්හි රසායනාගාර අනතුරක් හේතුවෙන් කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වී ඇති බවට ජර්මානු මාධ්‍ය විසින් විද්‍යාත්මක හා පර්යේෂණ දත්ත නොමැතිව සිදුකර ඇති ඊනියා වාර්තාවන් එරට චීන තානාපති කාර්යාලය විසින් හෙළා දැක තිබේ.
කොරෝනා වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම, ගෝලීය සහයෝගීතාවයෙන් දැඩි ලෙස පැවැත්විය යුතු විද්‍යාත්මක ප්‍රශ්නයක් බව චීනය සැමවිටම විශ්වාස කරන බව අවධාරණය කරයි.
එහිදී චීනය ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමටත්, හැකි ඉක්මනින් වසංගතයේ ගෝලීය කළමනාකරණයට දායක වීමටත් උත්සාහ කරන බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.