කොවිඩ්-19 රෝගීන්ගෙන් අඩකට වඩා පිරිසට වෛරසය සම්ප්‍රේෂණය වී ඇත්තේ රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන්ගෙන් බව එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවල පර්යේෂකයන්ගේ නව අධ්‍යයනයක් මගින් පවසයි.
මීට අමතරව චීනයේ සිදුකරන ලද තවත් අධ්‍යයන 8ක් මගින්ද පෙන්වා දී ඇත්තේ, වෛරසය සම්ප්‍රේෂණයෙන් 59%ක්ම වාර්තා වී ඇත්තේ රෝග ලක්ෂණ නොමැති පුද්ගලයන්ගෙන් බවය.
"මේ අනුව පිළිගත හැකි අවස්ථා රැසක් පුරාම, සම්ප්‍රේෂණයෙන් අවම වශයෙන් 50% ක් ඉක්මවා රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින්ගෙන් සිදුවී ඇතැයි ගණන් බලා තිබෙනවා" යැයි එම නව අධ්‍යයනය පෙන්වා දෙයි.
එහිදී සම්ප්‍රේෂණයෙන් 59% ක්ම පැමිණියේ රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින්ගෙන් බව පෙන්වා දෙන්නේ, තවමත් රෝග ලක්ෂණ වර්ධනය වී නොමැති අයගෙන් 35% ක්ද, කිසිවිටෙකත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ අයගෙන් 24%ක්ද ලෙසිනි.
කෙසේ වෙතත් මෙම ආකෘතිය සපයන්නේ කොවිඩ්-19 පැතිරීම පිළිබඳ ඇස්තමේන්තු පමණක් වන අතර, සැබෑ ලෝකයේ සොයාගැනීම් සමාන වේද යන්න තීරණය කිරීම සඳහා තවත් පර්යේෂණ අවශ්‍ය බවද ඔවුන් කියයි.
එනමුදු මුඛ ආවරණ භාවිතය, සමාජ දුරස්ථභාවය පැවැත්වීම සහ නිතර දෑත් සේදීම වැනි මහජන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග මගින් පුද්ගලයන්ට තමන්ව ආරක්ෂා කර ගැනීමටත්, ආසාදනය වී ඇත්නම් තමන්ගෙන් ප්‍රජාව අවදානමට පත්වීම අවම කිරීමටත් බලය ලැබෙන බව එම අධ්‍යයනය වැඩිදුරටත් අවධාරණය කරයි.