දීර්ඝ කාලයක් නිවේදකයෙකු ලෙස සේවය කරමින්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් ලැරී කිංග් අවුරුදු 87ක් ආයු වලඳා සිය දිවි ගමනට සමුදී තිබුණේ, කොවිඩ්-19 තත්ත්වයත් සමග ඇති වූ සංකූලතා හේතුවෙනි.
ජනාධිපති අපේක්ෂකයින්, කීර්තිමත් පුද්ගලයන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සිනමා තරු සහ එදිනෙදා පුද්ගලයින් සමග සම්මුඛ සාකච්ඡා කරමින් කිංග් වසර 25කට වැඩි කාලයක් සී.එන්.එන් හි ලැරී 'කිංග් ලයිව්' වැඩසටහන ඉදිරිපත් කළ ඔහු, එහි කොටස් 6,000කට වැඩි ප්‍රමාණයක් පටිගත කිරීමෙන් පසු 2010 දී විශ්‍රාම ගියේය.
කිංග් දෙසැම්බර් මස අග සීඩාර්ස්-සීනයි හිදී කොවිඩ්-19 සමඟ රෝහල් ගත කර ඇති බව පවුලේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඔහු වසර ගණනාවක් පුරා සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දුන් අතර හෘදයාබාධ කිහිපයකින්ද පීඩා වින්දේය. 1987 දී ඔහු සිව්වැනි හෘද සැත්කමකට භාජනය කළ අතර, පසුව රක්ෂණයක් නොමැති අයට ආධාර සැපයීම සඳහා ලැරී කිංග් හෘද පදනම පිහිටුවීමටද ඔහු පෙලඹුණි.
වඩාත් මෑතකදී කිංග් 2017 දී තමාට පෙනහළු පිළිකාවක් ඇති බව හඳුනාගෙන තිබූ බවය. එයට ප්‍රතිකාර කිරීම සඳහා සැත්කම් සාර්ථකව සිදුකර ඇති බවත් ඔහු කීවේය.
එමෙන්ම, පසුගිය වසරේදී ඔහුගේ දරුවන් දෙදෙනෙකු සති කිහිපයක් ඇතුළත මිය යනවිට කිංග්ට තවත් වේදනාවක් එක්කර තිබුණි. 65 හැවිරිදි ඇන්ඩි කිංග් හෘදයාබාධයකින් පෙළුණු අතර 52 හැවිරිදි දියණිය චියා කිංග් පෙනහළු පිළිකාවක් නිසා මිය ගියාය.