Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
අලුත් අවුරුද්ද වෙනුවෙන් උත්සව සංවිධානය කිරීමට අවසරයක් ලැබේද යන්න පිළිබඳ බොහෝ දෙනා සිටියේ දෙගිඩියාවකිනි. මේ දෙගිඩියාවට පිළිතුරු ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පසුගියදා මාර්ගඋපදේශ සංග්‍රහයක් නිකුත් කරනු ලැබීය.
ඒ පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම වෙනුවෙන් පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී මාධ්‍ය හමුවක් පැවැත්විණි. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මහජන සේවා) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මහජන සේවා) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය
“අලුත් අවුරුද්ද වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන මාර්ගෝපදේශය සම්බන්ධයෙන් හැමෝම ඉතා ඕනෑකමින් බලාගෙන සිටිනවා. මෙතනදි ගිය අවුරුද්දේ තත්ත්වය නොවෙයි දැන් තියෙන්නේ. රෝගය පාලනය කිරීමේ තත්ත්වයට බලපාන මානුෂීය කාරණයක් මෙතන තිබෙනවා.
ඒ අනුව අපි මාර්ගෝපදේශ ලබාදීමේදී මේ ගැන සැලකිලිමත් වෙන්න සිදුවුණා. ගිය අවුරුද්දේ මේ කාලේ අපට රෝගය ගැන බයක් තිබුණත් දැන් රෝගය ගැන අපි දන්නවා. මිනිසුන් තුළ හැසිරීම් රටාවක් තියෙනවා. අනුගමනය කළ යුතු ක්‍රමවේද දන්නවා. ඒ දැනුම් සම්භාරය හා පලපුරුද්ද මතයි අපි මාර්ගෝපදේශ ලබා දෙන්නේ.
වෙළෙඳාම් ගැන මිනිසුන්ට බලාපොරොත්තු තියෙනවා. සමාජීය වශයෙන් බලාපොරොත්තු තියෙනවා. ඒ අනුව තමයි අපි මාර්ගෝපදේශ හැදුවේ. පසුගිය අප්‍රේල්වල විදිහට නොවෙයි අපි මේ අවුරුද්දේ අවුරුදු සමරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ රෝගය අපේ රටෙන් තුරන් වෙලා නැහැ. අඩුවෙලා තිබ්බට අවදානම අපි අතරයි.
කොයි වෙලාවේ පොකුරක් බිහිවෙයිද දන්නේ නැහැ. පොකුරක් නිර්මාණය වෙලා පාලනය කරගන්න බැරිව අත්විඳපු තත්ත්වවලට අපි මුහුණදුන්නා. ඒ අනුව අපි අවුරුදු සමය ගතකරද්දි අපට හැමදේම නතර කරන්න කියන්න බෑ. ඒ අනුව අපට කරන්න පුළුවන් මොනවද, බැරි මොනවද කියන එක අපි සොයා බලන්න ඕන.
නිවසේ සිට පවුලක් විදිහට අවුරුදු චාරිත්‍ර අපට කරන්න පුළුවන්. ඒවා ගැන මිනිස්සු අහන්නෙත් නෑ. අපෙන් අහන්නේ සැණකෙළි, සංගීත සංදර්ශන පවත්වන්න, අවුරුදු කුමාරි තෝරන්න පුළුවන්ද කියලයි. අපි බුද්ධිමත්ව බැලුවොත් නව සාමාන්‍යකරණයකට අපට යන්න වෙනවා. ඒ අනුව අපට පුරුදු අවුරුදු චාරිත්‍රවලට වඩා අවුරුදු ක්‍රීඩාවලදී නව සාමාන්‍යකරණයකට යන්න වෙනවා. ඒ අනුව දුරස්ථභාවය, ශ්වසන ආචාර විධි, අත් සේදීම, මුව ආවරණ පැලඳීම යන සෞඛ්‍ය නිර්දේශ ගැන බැලුවාම මේවා අනුගමනය කරමින් පවත්වන්න පුළුවන් ක්‍රීඩා තිබෙන බව පේනවා.
ඒ අනුව අපි ගත්තොත් අපට කරන්නම බැරි ක්‍රීඩා කිහිපයක් අපි මාර්ගෝපදේශවල සඳහන් කර තිබෙනවා. කඹ ඇදීම, කොට්ටා පොර ගැසීම, සංගීත සංදර්ශන පැවැත්වීම, සැණකෙළි පැවැත්වීම, ඇස් බැඳීම සඳහා එකම රෙදි කඩක් භාවිත කරන ක්‍රීඩාවලට අවස්ථාව ලබාදිය නොහැකියි.
නමුත් විශාල ජනකායක් රැස් නොවන ලෙස කුඩා අවුරුදු උත්සව පවත්වන්නට අදාළ නිර්දේශ අපි මෙහි සඳහන් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට අපි කියන්නේ මේ සියලු දේවල් නවත්වන්න කියලා නොවෙයි. අදාළ ක්‍රමවේද අනුගමනය කර තම තමන්ගේ යුතුකම් හා වගකීම් ඉටුකරමින් මේ උත්සව පවත්වන ලෙසයි. නමුත් තමන්ගේ යුතුකම් පැහැරහැරියොත් සිදුවන්නේ ලොකු විනාශයක් නිසයි අපි අවුරුදු ක්‍රීඩා සංවිධානය කරනවා නම් ඒවා කොහොමද කරන්නේ, ක්‍රීඩාවලට සහභාගි වෙනවා නම් ඒවා සිදුකරන ආකාරය හා ඒවා නරඹනවා නම් ඒවා සිදුකළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් කළේ.
ඒ වගේම නෑගම් යනවා නම් නිතර හමුනොවන නෑදෑයින් හමුවට යන එක සොයා බලා සිදු කරන්න අවශ්‍යයි. අපි කියන්නේ පුද්ගල දුරස්ථභාවය තියාගෙන සිප වැලඳගැනීම්වලින් තොරව මේ හමුවීම් සිදු කරන්න. අපි මේක පරීක්ෂණයක් බවට පත් කරගෙන වරද්දගන්න කැමති නෑ. දැන් අවුරුද්දක් පුරා ජනතාවට රෝගයත් එක්ක කටයුතු කරලා හැසිරෙන ආකාරය ගැන දැනුමක් තිබෙනවා.
සාප්පු සවාරිවල ගිහින් බොහෝ පිරිස් ඉන්න තැන්වලට යන්න එපා. හැමෝම එකම තැනට ගිහින් අවදානමක් ගන්න එපා. පාරිභෝගිකයන්ව ඉක්මනින් වෙළෙඳ සැලෙන් පිටත්කර යවන්නට හැකි ආකාරයෙන් පහසුකම් සපයාදෙන ලෙස ව්‍යාපාරිකයන්ට උපදෙස් සපයා තිබෙනවා. ගමේ ආරක්ෂාව ගමේ අය සලස්වාගැනීමට අවධානය යොමු කරන ලෙසත් මෙහිදී මතක් කරන්නට කැමැතියි."
ඒ අනුව නව ජීවන රටාවට අනුගත වෙමින් 2021 සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් නිකුත් කර ඇති මාර්ග උපදෙස් මෙසේය.
2021 සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමේදී, අවුරුදු ගමන් බිමන් යාමේදී, අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමේදී හා අවුරුදු උත්සව පැවැත්වීමේදී පහත සඳහන් කරුණු කෙරෙහි අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුය.
ඉටු කළ හැකි චාරිත්‍ර වාරිත්‍ර
නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම, අලුත් අවුරුදු උදාව සැමරීම, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය, හිසතෙල් ගෑම යන ඉහත සියලුම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර තම නිවසේදී සිදු කරන්න.
පුණ්‍ය කාලයේදී පුණ්‍ය කටයුතු හැකිතාක් දුරට නිවසට වී සිදු කරන්න. නිවසේ පුද්ගලයන් සියලු දෙනා එකට එක් වී අවුරුදු ක්‍රීඩා කළ හැක.
හැකිතාක් දුරට අවම කළ යුතු ක්‍රියාකාරකම් ලෙස නෑදෑ ගමන් යාම, කැවිලි හුවමාරු කර ගැනීම, නිවසින් පිටත බොහෝ පිරිසක් එකතු වී සිදු කරන අවුරුදු ක්‍රීඩා, අවුරුදු උත්සව සංවිධානය ආදිය දැක්විය හැකිය. පසුගිය කාලයේ ඔබ සහ ඔබගේ පවුලේ සාමාජිකයන්/ නෑදෑයන් හෝ නිතර හමුවූ ආරක්ෂිත යැයි සලකන කුඩා පිරිසක් සමග මෙවර අවුරුද්ද සැමරීම යෝග්‍ය වේ. නිතර හමු නොවන අය මේ කණ්ඩායමට ඇතුළත් නොවේ.
ආරක්ෂිත ලෙස අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනිවාර්ය උපදෙස්
අවුරුදු උත්සව සංවිධානය කරන ආයතන / මාධ්‍ය ආයතන කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමට අදාළ උපදෙස් අනුගමනය කරමින් ආදර්ශවත් ලෙස කටයුතු කළ යුතුය.
මෙම අලුත් අවුරුදු කාලය තුළ සංගීත සංදර්ශන පැවැත්වීම සුදුසු නොවේ.
සංවිධායකයන් විසින් උත්සව පරිශ්රයක එක් වරකට පුද්ගලයන් 100කට අඩු ප්‍රමාණයක් සිටින බවට වගබලාගත යුතුය.
කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග එලෙසම පවත්වාගෙන යා යුතුයි.
(පුද්ගල දුරස්ථභාවය තබාගැනීම, ශ්වසන ආචාර විධි පවත්වාගෙන යාම, නිවැරදිව දෑත් සේදීම හෝ විෂබීජහරණය කිරීම, නිවැරදිව මුහුණු ආවරණ පැලඳීම)
මේ වනවිට කෝවිඩ්-19 රෝගය වැලඳී ඇති පුද්ගලයන්, දැනට නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන්, කෝවිඩ්-19 රෝග අශ්රිතයෙකු ලෙස හැඟෙන පුද්ගලයන් මෙම ස්ථානවලට පැමිණීමෙන් වැළකී සිටිය යුතු බව දැනුවත් කළ යුතුය.
සංවිධානය කරන අවුරුදු උත්සව එම ප්‍රදේශයේ ජනතාවට පමණක් සීමා කරන්න.
උත්සව සංවිධානය සඳහා අවසර ගන්නා ආකාරය
ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව කටයුතු කරන බව දක්වමින් එකඟතා ප්‍රකාශය පිරවිය යුතුය, සම්පූර්ණ කරන ලද එකඟතා ප්‍රකාශයේ මුල් පිටපත ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත යැවිය යුතුය. එහි පිටපතක් අදාළ පළාත් පාලන ආයතනයට (මහ නගර සභාව/නගර සභාව/ප්‍රාදේශිය සභාව) යැවිය යුතු අතර තවත් පිටපතක් තමන් සතුව තබාගත යුතුය. ඉහත මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදීම සහතික කිරීම ආයතන ප්‍රධානියාගේ/ භාරකරුගේ වගකීම වේ.
තරග සඳහා සහභාගිවන්නන්
මේ වනවිට කොටිඩ්-19 රෝගය වැලඳී ඇති පුද්ගලයින්, දැනට නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන්, කෝවිඩ්-19 රෝග අශ්රිතයෙකු ලෙස හැඟෙන පුද්ගලයන් මෙම ස්ථානවලට පැමිණීමෙන් වැළකී සිටිය යුතුය.
හැකි සෑම අවස්ථාවකදීම, කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග එලෙසම පවත්වාගෙන යා යුතුය. (පුද්ගල දුරස්ථභාවය තබාගැනීම, ශ්වසන ආචාර විධි පවත්වාගෙන යාම, නිවැරදිව දෑත් සේදීම හෝ විෂබීජහරණය කිරීම, නිවැරදිව මුහුණු ආවරණ පැලඳීම)
නරඹන්නන්
ඔබ සහ ඔබගේ පවුලේ සාමාජිකයන් සමග උත්සව පරිශ්‍රයේ එකට සිටිය හැකි නමුත්, ආගන්තුක පුද්ගලයන් සමග ශාරීරික වශයෙන් දුරස්ථභාවය තබාගන්න.
මේ වනවිට කෝවිඩ්-19 රෝගය වැලඳී ඇති පුද්ගලයන්, දැනට නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන්, කෝවිඩ්-19 රෝග අශ්රිතයෙකු ලෙස හැඟෙන පුද්ගලයන් මෙම ස්ථානවලට පැමිණීමෙන් වැළකී සිටිය යුතුය.
කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමට අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග එලෙසම පවත්වාගෙන යා යුතුය. (පුද්ගල දුරස්ථභාවය තබාගැනීම, ශ්වසන ආචාර විධි පවත්වාගෙන යාම, නිවැරදිව දෑත් සේදීම හෝ විෂබීජහරණය කිරීම, නිවැරදිව මුහුණු ආවරණ පැලඳීම)
අලුත් අවුරුදු ක්‍රීඩා පැවැත්විය හැකි අතර, එම ක්‍රීඩා සංවිධානය කිරීමේදී, සහභාගී වීමේදී හා නැරඹීමේදී කෝවිඩ්-19 වසංගතය තවදුරටත් පැතිරිය හැකි අවස්ථා පිළිබඳ සැලකිලිමත් වියයුතු ය. සියලුම ක්‍රීඩා සංවිධානය කිරීමේදී, සහභාගී වීමේදී සහ නැරඹීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කෝවිඩ්-19 ව්‍යාප්තිය වළක්වමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳ නිකුත් කර ඇති උපදෙස් සහ මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළ යුතුය.
අවුරුදු උත්සවයක පවත්වන ප්‍රධාන ක්‍රීඩා පහත දක්වා ඇති අතර, එම ක්‍රීඩාවලදී කෝවිඩ්-19 වසංගතය පැතිරීම වැළැක්වීමට එක් එක් ක්‍රීඩාවේදී අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳ කෙටියෙන් දක්වා ඇත.
එක් එක් අලුත් අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේදී කෝවිඩ්-19 වසංගතය පැතිරීම අවම කිරීම සඳහා සැලකිලිමත් විය යුතු කරුණු
කඹ ඇදීම - පුද්ගල දුරස්ථතාවය පවත්වාගැනීමට අසීරු වීම වැනි අවදානම් හේතුවෙන් මෙම ක්‍රීඩාව පැවැත්වීම සුදුසු නොවේ.
අවුරුදු කුමරා / කුමාරි තේරීම - අවුරුදු කුමරිය හා කුමාරයා හැඩගැන්වීමේදී, වේශ නිරූපණ කටයුතු සහ තේරීම්වලදී කෝවිඩ්-19 වසංගතය පැතිරීමේ අවදානම වැඩි කරයි. එමනිසා එම අවදානම අවම කිරීමට කටයුතු කළ යුතුය. තවද ඔවුන් රංගනයේ යෙදෙන විට මුහුණු ආවරණය පැලඳීම අත්‍යවශ්‍ය නොවන නමුත් පුද්ගලයන් එක්රැස් වීමේදී මුහුණු ආවරණය පැලඳීම හා පුද්ගල දුරස්ථතාව පවත්වාගැනීම අනිවාර්ය වේ.
පාපැදි ධාවන තරග - තරග ආරම්භයේදී, තරගය තුළදී හා තරගය අවසානයේදී පුද්ගල දුරස්ථතාව තබාගැනීම පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. එමෙන්ම තරගය අතරතුර එකම ජල බෝතලය කිහිපදෙනෙකු හුවමාරු කර භාවිතයෙන් වැළකී සිටිය යුතුය. තරගකරුවන්ට සහයෝගය ලබාදීමට පිරිස් ඒකරාශී නොවිය යුතු ය.
මැරතන් ධාවන තරග-තරග ආරම්භයේදී, තරගය තුළදී හා අවසානයේදී පුද්ගල දුරස්ථතාව පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එමෙන්ම තරගය අතරතුර එකම ජල බෝතලය කිහිපදෙනෙකු හුවමාරු කර භාවිතයෙන් වැළකී සිටිය යුතුය.
කණා මුට්ටි බිඳීම - එකම ඇස් ආවරණය සෑම තරගකරුවෙකුටම ලබාදීම කෝවිඩ්-19 වසංගතය පැතිරීමේ අවදානම වැඩි කරයි. මෙහිදී එක් එක් තරගකරු සඳහා වෙන වෙනම ඇස් ආවරණ, ලබාදිය යුතු අතර සෑම තරගකරුවෙකුම තරගයට සහභාගි වීමට පෙර හා පසු තම දෑත් විෂබීජහරණය කරගත යුතුය.
කොට්ටා පොර ගැසීම - කොට්ටා පොර ගැසීමේ දී එකම කොට්ටය සෑම තරගකරුවෙකු විසින්ම භාවිත කිරීම මගින් එක තරගකරුවෙකුගේ කෙළ, දහදිය තවත් තරගකරුවෙකුගේ මුහුණේ ස්පර්ශ වීමේ ඉඩකඩ වැඩි කරයි. මෙය කෝවිඩ්-19 වසංගතය තවදුරටත් පැතිරීමේ අවදානම වැඩි කරයි. එමනිසා මෙම ක්‍රීඩාව පැවැත්වීම සුදුසු නොවේ.
බනිස් කෑම - එක් ක්‍රීඩකයෙකුට එක බනිසක් ලැබෙන ආකාරයට ක්‍රීඩාව සංවිධානය කළ යුතු ය. තවද මෙම ක්‍රීඩාව සිදු කිරීමේදී පුද්ගල දුරස්ථතාව පවත්වාගැනීම කෙරෙහි අවධානය යොමුකළ යුතුය.
රබන් ගැසීම - රබන් ගැසීමේදී පුද්ගලයන් ඉතා ආසන්නව හිඳගෙන සිටින බැවින් නිවැරදිව මුහුණු ආවරණය පැලඳ සිටීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු ය.
අලියාට ඇස තැබීම - මෙහිදී එක් එක් තරගකරු සඳහා වෙන වෙනම ඇස් ආවරණ ලබාදිය යුතු ය. තවද අලියාට ඇස තබන පෑන එක් තරගකරුවෙකු භාවිතයෙන් පසු විශබීජහරණය කළ යුතු අතර, පුද්ගල දුරස්ථතාව පවත්වාගැනීම, ස්පර්ශය මගින් කෝවිඩ්-19 පැතිරීමේ අවදානම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු අතර තරගයට සහභාගි වීමට පෙර හා පසු දෑත් විෂබීජහරණය කිරීම අනිවාර්ය වේ.
කණාට කිරිකැවීම - මෙම ක්‍රීඩාවේදී පුද්ගලයන් දෙදෙනෙකු ඉතා ආසන්නව කටයුතු කරනු ලැබේ. මෙහිදී එක් එක් තරගකරු සඳහා වෙන වෙනම ඇස් ආවරණ ලබාදිය යුතු අතර, කිරි කවන පුද්ගලයා අනිවාර්යයෙන්ම මුහුණු ආවරණයක් පැලඳ සිටීම අනිවාර්ය වේ. එක තරගයකදී භාවිත කළ හැන්ද නැවත භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු ය.
විකට ඇඳුම් තරගය - තරගකරුවන් හැඩගැන්වීමේදී, වේශ නිරූපණ කටයුතුවලදී කෝවිඩ්-19 වසංගතය පැතිරීම අවම කිරීමේ පියවර අනුගමනය කළ යුතුය, තවද ඔවුන් රංගනයේ යෙදෙන විට මුහුණු ආවරණය පැලඳීම අත්‍යවශ්‍ය නොවන නමුත් පුද්ගලයන් එක්රැස් වීමේදී මුහුණු ආවරණය පැලඳීම හා පුද්ගල දුරස්ථතාව පවත්වාගැනීම අනිවාර්ය වේ.
ඔලිඳ කෙළීම, පංච දැමීම - ඔළිඳ කෙළීමේදී, පංච දැමීමේදී පුද්ගලයන් ඉතා ආසන්නව හිඳගෙන සිටින බැවින් නිවැරදිව මුහුණු ආවරණය පැලඳ සිටීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු ය. තවද තරගයට සහභාගි වීමට පෙර හා පසු දෑත් විෂබීජහරණය කිරීම අනිවාර්ය වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd