කොවිඩ්-19 එන්නත්කරණයට සහ පොදුවේ වසංගතයට එරෙහිව සටන් කිරීම පිළිබඳ චීනයේ අත්දැකීම්වලින් ඉගෙන ගත යුතු බව කසකස්ථාන ජනාධිපති කසිම්-ජොමාර්ට් ටෝකයෙව් පවසයි.
කසකස්ථානය තුළ වසංගතය පාලනය කිරීම පිළිබඳ රැස්වීමේදී ටෝකයෙව් සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ට ලැබෙන පළමු වැනි අවස්ථාවේදීම එන්නතක් ලබා ගන්නා ලෙසයි.
චීනය කසකස්ථානයේ දීර්ඝ කාලීන උපායමාර්ගික හවුල්කරුවෙකු වන අතර, චීනය සමග සහයෝගයෙන් කටයුතු කිරීම රටට වාසිදායක වනු ඇති බව කසකස්ථාන ජනාධිපතිවරයා අවධාරණය කළේය.