කොවිඩ්-19 ආසාදිත ඇතැම් පුරුෂයන් සුවය ලැබීමෙන් පසුව පවා යම් කාලයක් ඔවුන්ගේ ශුක්‍ර තරලයේ වෛරසය පැවතිය හැකි බවත්, මෙම සොයාගැනීම වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ හැකියාව මතු කරන බවත් චීනයේ සිදුකළ අධ්‍යයනයකදී සොයාගෙන තිබේ.
චීනයේ වසංගතය උච්චතම අවස්ථාවේදී ප්‍රතිකාර ලැබූ පුරුෂයන් 38 දෙනෙකු ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ෂැංකියු මහ නගර රෝහලේදී පරීක්ෂණයකට බඳුන් වි ඇත.
ඔවුන්ගෙන් 16%කගේ පමණ ශුක්‍ර තරලයේ කොරෝනා වෛරසය පැවති බවට සාක්ෂි ඇතැයි පර්යේෂණ කණ්ඩායම JAMA Network Open සඟරාවේ වාර්තා කරයි. ඔවුන්ගෙන් හතරෙන් එකක් පමණ ආසාදනයේ උග්‍ර අවධියේ පසුවූවන් වන අතර, ඔවුන්ගෙන් 9% කට ආසන්න ප්‍රමාණයක් සුවය ලබමින් සිටි අය බවද සඳහන් වෙයි.
"COVID-19 සහිත රෝගීන්ගේ ශුක්‍රාණුවල වෛරසය (SARS-CoV-2) තිබිය හැකි බවත්, සුවය ලබන රෝගීන්ගේ ශුක්රාණුවලත් වෛරසය තවමත් අනාවරණය විය හැකියි" චීන මහජන විමුක්ති හමුදා මහ රෝහලේ ඩයැන්ග් ලී බීජිං සහ ඔහුගේ කණ්ඩායමේ සගයන් සඳහන් කළහ.
"පිරිමි ප්‍රජනක පදධතිය තුළ වෛරසයට ප්‍රතිනිර්මාණය කළ නොහැකි වුවද, එය දිගටම පැවතිය හැකියි. වරප්රසාදිත ප්‍රතිශක්තිය යනු වෛරස් ආක්‍රමණිකයන්ට පහර දීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතියට අදාළ කලාපයට සම්පූර්ණයෙන් ළඟා විය නොහැකි බවයි."
කෙසේ වෙතත් මෙම සොයගැනීම අතිශය පුදුමසහගත විය යුතු දෙයක් නොවේ. මන්දයත්, බොහෝ වෛරසවලට පිරිමි ප්‍රජනක පද්ධතියේ ජීවත් විය හැකිය. පිරිමි රෝගියෙකු සුවය ලබා මාස කිහිපයකට පසු ඉබෝලා සහ සිකා වෛරසය ශුක්‍ර තරලය තුළ පැතිර ඇති බව සොයා ගන්නා ලදී.
නමුත් කොරෝනා වෛරසයට ප්‍රජනක පද්ධතිය හරහා සම්ප්‍රේෂණය විය හැකිද යන්න තවමත් පැහැදිලි නැත. වෛරසය ශුක්‍ර තලරයේ පවතින බවට සාක්ෂි සොයා ගැනීම අනිවාර්යයෙන්ම එය එමගින් සම්ප්‍රේෂණය වන්නේද යන්න පිළිබඳ අදහසක් නොවේ.
"අනාගත අධ්‍යයනයන්හිදී මේ වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වන බව ඔප්පු වුවහොත්, සම්ප්‍රේෂණය වැළැක්වීමේ වැදගත් අංගයක් ලෙස ලිංගික සම්ප්‍රේෂණයට ආරක්ෂිත ක්‍රම අවශ්‍ය වේවි" යැයි පර්යේෂණ කණ්ඩායම පවසයි.