ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතියෙන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඕනෑම අවස්ථාවක ඇඳන් වෙන් කිරීමේ හැකියාවක් පවතිනන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවැසීය.
කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවැසුවේ කොවිඩ් රෝගීන් ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව සියලුම ගිලන් රථ විෂබීජහරණය කරන බවයි.
“කොවිඩ් ආසාදනය තවමත් සමාජ ගත වී නෑ. වාර්තා වන්නේ මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධවයි.
මුව ආවරණයක් පැළදෙන්නේ නම් කොවිඩ් ආසාදනය වීම සියයට 70කින් අඩුවෙනවා. ඒ වගේම බාහිර සමාජයට ඔබෙන් කොවිඩ් සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීමටත් අවස්ථාව තිබෙවා.
ගෙදර යන විට ඇඳුම් එළියේ ගලවා යාම හා සපත්තු ගලවා යෑම පවුලේ අයගේ ආරක්ෂාවට හොඳයි
මෙවර කොවිඩ් වෛරසය අනෙක් අයට බෝවීමට ඇති ප්රවණතාම පසුගියවරට වඩා වැඩියි.
කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඇඳන් වෙන් කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට පවතිනවා.
ගිලන් රථ රෝගීන් ප්‍රවාහනය කිරීමෙන් පසුව විෂබීජහරණය කිරීමට කටයුතු කරනවා.”