අලුතින්ම නිකුත් කරන ලද එක්සත් ජනපදයේ මරණ පිළිබඳ වාර්තාවලින් පෙන්නුම් කෙරෙන්නේ, කලින් නිල වශයෙන් වාර්තා වූවාට වඩා සති කිහිපයකට පෙර 2020 ජනවාරි මස මුලදී එරට පළමු වැනි කොවිඩ්-19 මරණය සිදුව ඇති බවයි.
එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) විසින් නිකුත් කරන ලද දත්තවලින් ඇඟවෙන්නේ 2020 පෙබරවාරි 6 දින සිදුවූ බවට මුලින් සඳහන් වූ කොවිඩ්-19 මරණයට පෙර එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආශ්රිත මරණ 6ක් සිදුවීඇති බවයි.
ඒ අනුව එරට ප්‍රථම කොවිඩ්-19 මරණය 2020 ජනවාරි 5 සිට ජනවාරි 11 දක්වා සිදුව ඇති අතර, තවත් මරණ 5ක් ජනවාරි 12 සිට පෙබරවාරි 01දා දක්වා සිදුව තිබේ.
එක්සත් ජනපදයේ 'ද මර්කරි නිව්ස්' පුවත්පත සඳහන් කළේ, එක්සත් ජනපදයට කොවිඩ්-19 පැමිණ ඇති කාල වකවානු මෙම දත්ත සමග සංශෝධනය කළ යුතුව ඇති බවයි.