ශ්‍රී ලංකා රජයේ කොවිඩ්-19 මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.5ක මුදලක් පිරිනමන බව ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මරිස් පෙයින් නිවේදනය කරයි.
මෙම ආධාරය පිරිනැමීමෙන්නේ ඔස්ට්‍රේලියාව විසින් ඉන්දීය සාගර කලාපයේ අසල්වැසි රටවල කොවිඩ්-19 ව්‍යසනයේ බලපෑම අවම කිරීමට ලබාදෙන සහන පැකේජයේම කොටසක් වශයෙනි.
ඉදිරිපෙළ සේවා සපයන්නන් රැකගැනීමටත්, වර්තමාන සහ අනාගත වසංගත තත්ත්වයනට මුහුණදීම සඳහා සෞඛ්‍ය පද්ධතියේ හැකියාව පුළුල් කිරීමටත් මෙම නව වැඩසටහන ශ්‍රී ලංකා රජයට උපකාර වනු ඇති බව කියයි.
සහයෝගය අත්‍යවශ්‍ය වන පිරිස් වෙත එම සහාය ලැබීම තහවුරු කරනු වස් ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සමග සමීපව කටයුතු කරන බවද කියයි.
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියාව ලබාදෙන සමස්ත පැකේජය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11.7ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,787ක්) වන අතර, එමගින් සෞඛ්යාරක්ෂක, ශ්‍රී ලාංකීය ප්‍රජාවන් අතර සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය සහ ස්ථාවරත්වය මෙන්ම, ආර්ථිකය යළි ගොඩනැවීම ආදියද ඉලක්ක කර තිබේ.