ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 160ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5935ක් දක්වා වාර්තා වී තිබේ. අද වාර්තා වූ මරණ සංඛ්‍යාව ශ්‍රී ලංකාවෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වෙයි.
අද වාර්තා වූ මරණ අතරින් කාන්තාවන් 73ක් හා පිරිමින් 87ක් වෙයි.
අවුරුදු 30ට අඩු එක් මරණයක් වාර්තා වී තිබේ. අවුරුදු 30 හා 59 අතර මරණ 35ක් වාර්තා වී ඇති අතර 60ට වැඩි මරණ 124ක් වාර්තා වී තිබේ.