අගෝස්තු 10 වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව දිනකට 80-90ත් අතර අගයකට ඒවියැයි මහාචාර්ය සුනෙත් අගම්පොඩ් මහතා පැවැසූ දෙයක් මේ අගෝස්තු 5 දා වන විට යථාර්තයක් වී තිබේ.
මහාචාර්යවරයා පසුගිය අගොස්තු 01 දා සිය ට්විටර් ගිණුමෙන් මේ බව ප්‍රකාශ කළේය.
“ වේගවත් හා සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියක් පැවැතියත් අගෝස්තු 10 දා වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ දිනකට 80-90ත් අතර අගයකට පැමිණේවි” යැයි ඔහු පැවැසීය. සාමාන්‍ය ජනතාවගේ හැසිරීමේ ඉක්මන් වෙනසක් අවශ්‍යයි. ව්‍යාජ සහතික කිරීම් නැවැත්විය යුතුයි” යැයි මහාචාර්යවරයා සඳහන් කළේය.
මහාචාර්ය සුනෙත් මහතා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්රජාරෝග අංශයේ මහාචාර්යවරයාය. වසංගත රෝග විද්‍යාඥයෙක් හා පර්යේෂණ විද්‍යාඥයෙක් ලෙසද ඔහු ප්රකටය.
04 දා ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 80 ඉක්මවා ගිය අතර 05 දා මරණ 90 සීමාව ඉක්මවා ගියේය.