කොවිඩ්-19 වෛරසය දින 28ක් පුරා මුදල් නෝට්ටු, දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ වැනි පෘෂ්ඨයන් මත නොනැසී රැඳී තිබිය හැකි බව නවතම පර්යේෂණයක් අනාවරණය කරයි.
ඔස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ SARS-Cov-2 වෛරසයට මීට පෙර අවධානය යොමුකළ කාලයට වඩා දිගු කාලයක් නොනැසී පැවතිය හැකි බවය.
මෙම පර්යේෂණ අත්හදා බැලීම අඳුරේ සිදුකර ඇති අතර, පාරජම්බුල කිරණ මගින් එහි ස්වභාවයන් අධ්‍යයනය කර ඇත. කෙසේ වෙතත් ඇතැම් විද්‍යාඥයන් මෙසේ මතුපිට පෘෂ්ඨයන් මගින් ඇති කරන සම්ප්‍රේෂණයේ සැබෑ තර්ජනය පිළිබඳ සැක පහළ කරයි.
මන්දයත් කොවිඩ්-19 වෛරසය බොහෝවිට සම්ප්‍රේෂණය වන්නේ මිනිසුන් කැස්ස, කිවිසුම් යාම හෝ කතා කරන අවස්ථාවේදී වන බැවිනි.
නමුත් එය වාතයේ ගලායන අංශු මගින්ද පැතිර යා හැකි බවට සාධක ඇත. එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානයට අනුව, ලෝහ හෝ ප්ලාස්ටික් වැනි වෛරසය සහිත පෘෂ්ඨයක් ස්පර්ශ කිරීමෙන් යමෙකුට කොවිඩ්-19 ආසාදනය විය හැකිය. කෙසේ වෙතත් මෙය බොහෝ සෙයින් අඩු සම්භාවිතවක් යැයි විශ්වාස කෙරේ.